Posts

Showing posts from November, 2013

Pot Oven

Electricity bill calculating Software

LED Bulbs Making project

Viridu Song - Wikum Energy Club

Are fluorescent bulbs really more efficient than normal light bulbs?

A "normal light bulb" is also known as an incandescent light bulb . These bulbs have a very thin tungsten filament that is housed inside a glass sphere. They typically come in sizes like "60 watt," "75 watt," "100 watt" and so on. The basic idea behind these bulbs is simple. Electricity runs through the filament. Because the filament is so thin, it offers a good bit of resistance to the electricity, and this resistance turns electrical energy into heat . The heat is enough to make the filament white hot, and the "white" part is light . The filament glows because of the heat -- it incandesces. The problem with incandescent light bulbs is that the heat wastes a lot of electricity. Heat is not light, and the purpose of the light bulb is light, so all of the energy spent creating heat is a waste. Incandescent bulbs are therefore very inefficient. They produce perhaps 15 lumens per watt of input power. A fluorescent bulb us

විදුලිය පිරිමසා ජාතික ධනය ඉතිරි කරන LED විදුලි පහන්

ඇඟට පතට නො දැනී ම බලශක්‌ති ඉල්ලුම මොහොතින් මොහොත ඉහළ යයි. මෙය ලොව පුරා ම දක්‌නට ලැබෙන්නකි. මෙයට හේතුව කුමක්‌ ද? හේතුව වත්මන් මිනිසා ගේ අසීමිත අවශ්‍යතා ය. අතීත මිනිසා ගේ එනම් අදින් වසර සියයකට පමණ පෙර විසූ මිනිසා ගේ අවශ්‍යතාත්, වත්මන් මිනිසා ගේ අවශ්‍යතාත් අතර තිබෙන වෙනස මේ බලශක්‌ති ඉල්ලුම ඉහළ යැමෙන් ම පැහැදිලි වෙයි. මෙහි දී පෙනී යන ප්‍රධාන කරුණක්‌ වන්නේ අතීත මිනිසා ගේ අවශ්‍යතා සහ වත්මන් මිනිසා ගේ අවශ්‍යතා අතර වෙනසටත් වඩා එම අවශ්‍යතා ඉටු කර ගැනීමේ දී භාවිත කරන ක්‍රමවේද සඳහා එදාට වඩා අද බලශක්‌තියේ පිහිට අත්‍යවශ්‍ය වී ඇති බව ය. ගෙවත්තෙන් ලැබුණු දර ඉපලෙන් දෛනික ආහාරය සහ අනෙකුත් දේ එදා පිරිමසා ගත්තත් අද එම කටයුතු විදුලි බලයටත් ද්‍රව වායු ඉන්ධනවලටත් (Liqued Petrolium Gas) බාර දී තිබීම බලශක්‌ති ඉල්ලුම ඉහළ යැමට හේතුවක්‌ වී ඇත. අදින් දශක ගණනාවකට පෙර පාපැදියෙන් ගිය දුර ගමන මෝටර් රථයකට භාර දී ඇත. පයින් ගිය දුර යතුරු පැදියට භාර දී ඇත. ගේ අමදින කොස්‌සේ කාර්යභාරය හූවර් යන්ත්‍රයට පවරා ඇත. ශරීරයට ව්‍යායාමක්‌ ගෙන දී නිරෝගී ගෘහණියක්‌ බිහි කළ මිරිස්‌ ගලක්‌ අද නිවසක දක්‌නට නැත.

විදුලි බිල 80% කින් අඩු කරන මාතර තරුණයකුගෙන් විස්මිත නිපැයුමක්

Image
විදුලි බුබුළු 30ක් පුරා පැය 10ක් දින 30ක් දල්වන ලද ගෘහයක මාසික විදුලි බිල්පත රුපියල් 30ට සීමාවන විදුලිය පිරිමැසුම්දායක අඩු වියදම් විදුලි බුබුළු වර්ග දෙකක් මාතර තරුණයෙක් නිෂ්පාදනය කර ඇත. ඔහු නිෂ්පාදනය කර ඇති විදුලි බුබුළු 200 යේ සිට 1500 දක්වා සවිකරන ලද ඕනෑම රජයේ හෝ පෞද්ගලික ආයතනයක මාසික විදුලි බිල්පත සියයට අසූවකින් අඩු කර ගත හැකි බවද මේ තරුණයා පෙන්වා දේ. සංජය වසර තුනක් තිස්සේ අඛණ්ඩව කරන ලද පර්යේෂණ අත්හදා බැලීමකින් පසු මේ අඩුවියදම් විදුලි පිරිමැසුම් විදුලි බුබුළු දෙක නිෂ්පාදනය කරන ලද්දේ මාතර, පල්ලිමුල්ලේ, ළිඳපාරේ නො. 35 / 1 දරන ලිපිනයේ පදිංචි එම්. එල්. සංජය (28) මහතාය. ඔහු විසින් නිෂ්පාදිත මේ විදුලි බුබුළු වර්ග දෙක දැනට ලියාපදිංචි කොට නිසි බලපත්‍රයක් ලබාගෙන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමේ මංගල කටයුත්ත අගෝස්තු 01 දා ආරම්භ කර තිබිණි. එදින සිට අගෝස්තු 10 වැනි දින වනවිට ඔහුගේ මේ නිෂ්පාදිත විදුලි බුබුළු 12,800 ක් තොග වශයෙන් ද 3467 ක් සිල්ලර වශයෙන්ද අලෙවි වූ බව හේ කීවේය. මේ විදුලි බුබුළු දෙක නිෂ්පාදනය කිරීමේදී ඔහුට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාග

ජල විදුලිය

විදුලි බලය ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වශයෙන් යොදා ගන්නා බල ශක්ති ප‍්‍රභවයක් වන්නේ ජලයයි. ශ‍්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ ගංගා ගලායන මාර්ග හරස් කර වේලි බැඳ ඒ ආශ‍්‍රයෙන් විදුලිය නිපදවීම සිදු කරනු ලබනවා. වේල්ලක් ඉදි කිරීමෙන් ඉදිවන ජලාශයේ ඇති විභව ශක්තිය, ටර්බයිනයක් කරකැවීම මගින් චාලක ශක්තිය බවටත්, ඉන් පසු විද්‍යුත් ශක්තිය බවටත් පරිවර්තනය කෙරෙනවා. මෙසේ නිපැදවෙන විදුලිය රැහැන් ඔස්සේ අවශ්‍ය ප‍්‍රදේශවලට බෙදා හැරීම සිදු කෙරෙනවා.මෙරට විදුලිබල අවශ්‍යතාවෙන් 48% ක් පමණ ජල විදුලි බලාගාර මගින් නිපදවෙන අතර 52% ක් පමණ තාප විදුලි බලාගාර මගින් නිපදවාගනු ලබනවා. මේ අනුව අපගේ විදුලි බල පද්ධතිය ලංකා විදුල බල මණ්ඩලය සතු බලාගාර හා පෞද්ගලික අංශය සතු බලාගාර වශයෙන් කොටස් දෙකකට බෙදී යනවා. මේ අතුරින් ලංකා විදුලි බල මණ්ඩලය සතු විදුලි බලාගාර ප‍්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. එනම්,1. ලක්ෂපාන විදුලි බලාගාර සමූහය2 . මහවැලි විදුලි බලාගාර සමූහය3. අනෙකුත් ජල විදුලි බලාගාර ලෙසයි.කැලණි ගඟේ ආරම්භක අතු ගංගා 2 ක් වන කෙහෙල්ගමු ඔය සහ මස්කෙළිය ඔය ආශ‍්‍රිතව පිහිටි කාසල්රී සහ මාඋස්සාකැලේ යන විශාල ජලාශයන් ද, කැනියොන්

ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය.

Image
2008 වසරේ ඇස්තමේන්තු අනුව ලංකාවේ විදුලිබල නිෂ්පාදනය කිලෝවොට් පැය බිලියන 9.9  කි. පරිභෝජනය 8.4කි (පරිවර්තනය හරි නම් එය ගිගාවොට් පැය 9900 ක් සහ 8400 කි). මෙයින් 48.3 % ක් පමණ ජල විදුලිබලාගාර වලින්ද, 51.7 % ක් පමණ ඩීසල් විදුලි බලාගාර වලින් ද සැපයෙන අතර ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් දැනට ඉතා සුළු වශයෙන් ක්‍රියාත්මක වන සූර්ය කෝෂ වලින් සැපයේ. ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය වැඩි දිනපතා වැඩි වන බවත් එයට සරිලන සැපයීමක් සිදු විය යුතු බවත් සංවර්ධනය වන රටක් හැටියට අප සැවොම පිළිගතයුතු සහ ක්‍රියාත්මක විය යුතු කරුණකි.  කෙළවරපිටිය තාප විදුලි බලාගාරය (300MW), මොරගහකන්ද විදුලි බලාගාරය (150 MW) වැනි දැවැන්ත පද්ධතීන් ද අනාගතයේදී මෙම සැපයුමට එක් වීමට නියමිතය. විශේෂයෙන්ම ෆොසිල ඉන්ධන වල මිල සහ ගල් අඟුරුවල මිල ක්‍රමක්‍රමයෙන් වැඩි වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (Renewable Energy Sources) වන ජල විදුලි බලය, සූර්ය බල ශක්තිය, සුලං බලය වැනි ක්‍රම වල අවශ්‍යතාවය දැඩිව දැනේ. ලංකාවේ ජල විදුලිබලාගාර පිහිටුවීමේ උපරිමයට දැන් ලඟා වී ඇති බවත් මොරගහකන්ද ජල විදුලි බලාගාරය ලංකාවේ අවසන් ජල විදුලි බලාගාරය බවත

න්‍යෂ්ටික බලය පිළිබඳ නව පර්යේෂණ දෙකක්‌

මේ වර්ෂයේ මුල දී ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ඇති වූ අනතුරෙන් පසුව න්‍යෂ්ටික බලය පිළිබඳව ඇති වී තිබෙන්නේ කිසියම් අවිනිශ්චිත තත්ත්වයකි. මේ තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල හා විවිධ ආයතනවල වැඩි අවධානයක්‌ න්‍යෂ්ටික බලශක්‌ති උත්පාදනය පිළිබඳව යොමු වී තිබේ. මේ වන විටත් න්‍යෂ්ටික බලය භාවිතයට ගන්නා රටවල් මෙන්ම මෙතෙක්‌ එය යොදා නොගන්නා රටවල් ද මේ අතර වේ. න්‍යෂ්ටික බලාගාරවල පවත්නා අනතුරුදායක තත්ත්වය මෙන් ම න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී ඇති වන ගැටලූ මේ ආකාරයෙන් සැලකිල්ලට ලක්‌ව ඇති මාතෘකා අතර වේ. එසේ ම න්‍යෂ්ටික බලය වෙනුවට යොදාගත හැකි විකල්ප බලශක්‌ති ප්‍රභව මෙසේ සාකච්ඡාවට ලක්‌ව ඇති කරුණකි. දෙවැනි කරුණ වැදගත් වන්නේ ලෝකයේ බලශක්‌ති අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යමින් පවත්නා නිසා ය. මේ කරුණු සමහරක්‌ පිළිබඳව අපි වරින් වර මේ තීරුව ඔස්‌සේ සාකච්ඡා කළෙමු. මේ හා සම්බන්ධව වැදගත් වන ලිපි දෙකක්‌ මෑත සති කිහිපය තුළ ප්‍රකාශයට පත්ව ඇති ලිපි දෙකක්‌ ගැන අපේ අවධානය යොමු කිරීම සුදුසු බව අපි සිතුවෙමු. ඉන් එකක්‌ න්‍යෂ්ටික අපද්‍රව්‍ය පාලනය කිරීම පිළිබඳව ය. අනෙක න්‍යෂ්ටික බලශක්‌තියට වි

අනාගත ආර්ථික වර්ධනයේ සීමාව බලශක්‌ති සැපයුමයි

ලෝකයේ සියලූම රටවල අරමුණ ආර්ථික වර්ධනය තුළින් තම රටවල සංවර්ධනය අත්පත් කර ගැනීම හා ජනතාව ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ය. ඒ සඳහා ස්‌වාභාවික සම්පත් විශාල ලෙස පරිභෝජනය කෙරේ. මේ සංවර්ධන සිහිනයට සීමාවක්‌ තිබේ ද හා එසේ නම් ඒ කුමන කරුණක්‌ නිසා ද යන්න ඇතැම් විට ප්‍රශ්නයකි. පසුගියදා නිකුත් වූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව බලශක්‌ති භාවිතය ද ආර්ථික සංවර්ධනය සඳහා සෘජුව බලපාන සාධකයක්‌ බව පෙනී ගොස්‌ ඇත. මෙය බැලු බැල්මට පැහැදිලි කරුණක්‌ වුවත් මේ අධ්‍යයනය එහි ඇති සංකීර්ණ සම්බන්ධය පැහැදිලි කරයි. (මූලාශ්‍රය : (BioScience, DOI: 10.1525/bio.2011.61.1.7) බලශක්‌තිය හා වර්ධනය අතර බැඳීම මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ජාත්‍යන්තර බලශක්‌ති අධිකාරිය (IEA) හා ලෝක සම්පත් ආයතනයේ (WRI) දත්ත ය. එහි දී අනාවරණය වී ඇති ආකාරයට ඒක පුද්ගල බලශක්‌ති පරිභෝජනය හා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය අතර ඇති සම්බන්ධය සමාන වන්නේ සත්ත්වයින් ගේ දේහ බර හා පරිවෘත්තීය අතර ඇති සම්බන්ධයට ය. ඒ අනුව මානව නගර හා රටවල වර්ධනය සඳහාත් පැවැත්ම සඳහාත් බලශක්‌ති භාවිතය වැදගත් සාධකයක්‌ වේ. මානව ජීවන තත්ත්වය මානනය කිරීම සඳහා භාවිත

ශ‍්‍රී ලංකාවේ අනාගත බලශක්ති සංවර්ධනය

ජාතික සංවර්ධන ප‍්‍රතිපත්ති සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ දී ඉලක්කගත සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම පසෙකලා දේශපාලන හා වෙනත් න්‍යායපත‍්‍ර කි‍්‍රයාත්මක වීමේ භයානක ප‍්‍රතිඵල අත්විඳි ක්ෂේත‍්‍රයක් ලෙස විදුලිබල ක්ෂේත‍්‍රය පසුගිය කාලපරිච්ඡේදයේ දී ජනතාව ඉදිරියේ දැඩි අවධානයට හා විවේචනයට ලක් විය. 1990 දශකයේ අගභාගයේ දී රටේ ජාතික සංවර්ධන ගමන් මග වේගවත්වීමත් සමඟ ගෘහස්ත, කර්මාන්ත හා වානිජ්‍ය ක්ෂේත‍්‍රවල විදුලි පාරිභෝගික ඉල්ලුමේ සිදුවූ ප‍්‍රසාරණය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ විදුලිබල ඉල්ලුම දිනෙන් දින වර්ධනය වුවත්, විදුලිබල අවශ්‍යතා ඉටු කිරීමට එවකට පැවති රජයවලට නොහැකිවීම ඇතැම් අවස්ථාවල දී විදුලිය අඛණ්ඩව සැපයීමට නොහැකි වීමෙන් රාජ්‍ය පාලනයේ වෙනසක් ඇති කිරීමට පවා ජනතාව ප‍්‍රතිචාර දැක්වූ බව රහසක් නොවේ. මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ශ‍්‍රී ලංකාවේ අනාගත බලශක්ති සංවර්ධනය උදෙසා සකස්කළ සැලසුම්, යෝජනා හා විවිධ ව්‍යාපෘති දීර්ඝ කාලයක් මුළුල්ලේ විදුලිබල අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ගොනු අතර සිර වී පැවති යුගයක ‘මහින්ද චින්තන ප‍්‍රතිපත්ති’ යටතේ දේශපාලන හා වෙනත් න්‍යායපත‍්‍ර පසෙකලා ජාතික සංවර්ධ

කුඩා බලශක්ති ප්‍රභව යතාර්ථයක්ද?

Image
අද ලෝකයේ ඇති විශාලම ගැටලුව තමයි ශක්තිය.. බලශක්ති අර්බුදය සෑම රටකටම පාහේ දැනෙන්න පටන් අරන්.. පොසිල ඉන්ධන වල කාලය බොහොම ඉක්මනින් අවසන් ‍වීගෙන යනවා. මේ නිසා බොහෝමයක් රටවල් විකල්ප බලශක්ති ප්‍රභව පිලිබඳ අවධානය යොමු කරමිනුයි සිට්න්නේ. නමුත් මේ හැමෝටම තියෙන විශාලම ගැටලුව තමයි නිපදවන ශක්තියට සමානුපාතිකව ඒ ශක්ති ප්‍රභවයේ ප්‍රමාණය විශාල වීම.. සරළම උදාහරණයක් ගත්තොත් වෝල්ට් 1.5 බැටරියකට වඩා වෝල්ට් 12 බැටරියක් විශාලයි.. බලශක්තිය කියද්දී අපිට ප්‍රධාන වශයෙන් මතක් වෙන්නේ විදුලිය. විදුලි බලය තිබේ නම් කල නොහැක්කක් නොමැති තරම්.. තාපය නිපදවාගන්න, තාපය ඉවත් කරන්න, යාන්ත්‍රික ශක්තිය නිපදවන්න.. ආලෝකය.. මේ හැම දේම විදුලියෙන් කරන්න පුලුවන් කියන එක අපිට ඉතා පැහැදිලියි.. එහෙනම් අපිට අවශ්‍ය එක දෙයයි..කුඩා බලශක්ති ප්‍රභවයක්..  ඇයි මේක කුඩා වෙන්න ඕනා?? ටෝච් එකක බැටරියක් ලොරියක් විතර උනා නම්.. අපි මුහුණපාන ගැටලු ගැන කියන්න අවශ්‍ය නෑ..  ගැටලුව තියෙන්නේ අපේ සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභව එක්කෝ ඕනෑවට වඩා විශාලයි.. එහෙ මෙහෙ ගෙනියන්න අපහසුයි.. ගෙනයාමට පුලුවන් ඒවා එක්කෝ බලය මදි.. නැත්තං බලය එක දිගට ලබාදෙන

පරිසර හිතකාමී විකල්ප බලශක්ති

පරිසර හිතකාමී විකල්ප බලශක්ති මුලාශ්‍රයන් වන සුර්ය තාපය / මුහුදු ජලය සහ නැනෝ තාක‍ෂණය ආශ්‍රිත විකල්ප බලශක්ති මුලාශ්‍ර කෙරෙහි මේවන විට රජයේ අවධානය යොමුව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. බලශක්ති සංරක‍ෂණය හා කාර්යක්්ෂම භාවිතය පිළිබඳ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනුයි ඔහු මේබව පැවසුවේ. ඉදිරියේදී ඇති වන බලශක්ති අර්බුධයන් හමුවේ ලෝක ඉන්ධන මිළ අඛණ්ඩව ඉහළ යාම කිසිදු රටකට පාළනය කල නොහැකි බවද අමාතවරයා එහිදී සදහන් කළා. බලශක්ති අධිපරිභෝජනය හමුවේ ලොවපුරා ඇතිවන පරිසර හානියත් ගෝලීය උණුසුම ඉහළ යාමත් හමුවේ ඉදිරියේදී ලොව රටවල් 36 ක් පමණ මුහුදු ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ.

සූර්ය විදුලි භාවිතයේ අවශ්‍යතාව

Image
පෘථිවි තලයට පතිත වන සූර්ය ශක්තිය පැය දෙකක් තුළ භාවිතා කළ හොත් එමගින් මුළු ලෝකය‍ටම අවශ්‍ය බලශක්තිය නිපදවිය හැකි බව ඒ සම්බන්ධ පරීයේෂණ කළ විද්‍යාඥන්ගේ අදහසයි.එමෙන්ම සහරා කාන්තාරයෙන් 1/8 ක ප්‍රමාණයක් තුළ සූර්ය පැනල සවි කළ හොත් ලෝකයටම අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකි බව ඔවුහු දක්වති. සූර්ය විදුලි බල නිෂ්පාදනයේදී මූලික පිරිවැය පමණක් දැරිය යුතු අතර නඩත්තු වියදම් ඉතා අවම මට්ටමක පවතී .එය සූර්ය විදුලි බල භාවිතයේ ප්‍රධානතම ප්‍රතිලාභයකි.පරිසර හිතකාමී බව අනෙක් ප්‍රධානතම ප්‍රතිලාභය ලෙස දැක්විය හැක. ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 65% පමණ සිදු වනුයේ ඉන්ධන බලාගාර ආශ්‍රිතවයි.30% පමණ ජල විදුලි බලාගාර ආශ්‍රිතව ද ඉතිරි 5% විකල්ප බල ශක්ති මාධ්‍යන් මගින් ද නිෂ්පාදනය කරනු ලබයි.ලංකාවේ විකල්ප විදුලි බල නිෂ්පාදන මාධ්‍යක් ලෙස බහුලව භාවිතා වන්නේ සූර්ය ශක්තියයි.නමුත් එය මුළු විදුලි බල නිෂ්පාදනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි.මිලියන 19.5 ක් වන ශ්‍රි ලංකාවේ ජනගහණයෙන් 40% පමණ විදුලි බල පහසුකම් නොමැත.රජයේ දත්ත අනුව ඉන් 50% ආසන්න ප්‍රමාණයකට ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලි බලය ලබා ගැනීමට ප්‍රවේශ විය නොහැක.වාර්ෂික

බලශක්ති අර්බුදය හැඳින්වීම

බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද ඉල්ලුමක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්නට හැක.ඉහළ යන ලෝක ඉන්ධන අර්බුධයත් සමඟ විකල්ප බලශක්ති භාවිතය කෙරේ ඉහළ අවධානයක් යොමු වී තිබෙන අතර සූර්ය විදුලි බලය ඒ අතර ඉහළ අවධානයකට ලක් වී තිබේ.සූර්ය විදුලි බලය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනවයි. ලෝක ඉන්ධන අර්බුධය අද ලෝකය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත් වී තිබේ.ලොව බහුලව භාවිතා කරන බලශක්ති ප්‍රභවය ලෙස පොසිල ඉන්ධන හැඳින්විය හැක.කාර්මික විප්ලවයෙන් පසුව සහ ලෝක ජනගහණ වර්ධනය හේතුවෙන් බලශක්ති භාවිතයේ සීඝ්‍ර ඉහළ යාමක් හඳුනා ගත හැක.පොසිල ඉන්ධන භාවිතයත් සමඟ ක්ෂය වන අතර නැවත නිෂ්පාදනය වසර දහස් ගණනක් තිස්සේ මන්දගාමී ස්වරූපයකින් සිදුවන ක්‍රියාවලියකි.මේ තත්වය තුළ ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම බරපතල ගැටලුවක් බවට පත් වී තිබේ.අද දවසේ බලශක්ති භාවිතය එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වී තිබීම තුළ සූර්ය විදුලි බලය,සුළං

විකල්ප බලශක්ති හඳුනා ගැනීම දැන් සිටම කළ යුතුව තිබේ...!!!

අනාගතයේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස විකල්ප බලශක්ති ප්‍රභේද හඳුනා ගැනීම කෙරෙහි ලොව පුරා අවධානය යොමු වී ඇත. නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි බව ශක්තිය පුනර්ජනනීය බලශක්තිය ලෙස අර්ථ දැක්විය හැකිය. ජල විදුලිය, සුළං, ඩෙන්ඩ්‍රෝ, මුහුදු රළ, කෘෂිකාර්මික හා කාර්මික අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය හා භූ තාපය අප රට තුළ බලශක්තිය නිපදවිය හැකි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලෙස හඳුනාගෙන ඇත. මෙලෙස ලොව පුරා රටවල් තම රටට ගැළපෙන විකල්ප බලශක්තීන් වෙත යොමු වෙමින් පවතී. එමෙන්ම බලශක්තීන්ගෙන් පරිපූර්ණ රටවල්ද බලශක්ති සංරක්ෂණය හා පුනර්ජනනීය බලශක්තීන් කෙරේ යොමු වීමේ සම්මුතියකට එළඹී ඇත. මේ අනුව ශ්‍රී ලංකාවද 1985 දී බලශක්ති සංරක්ෂණ අරමුදල පිහිටුවන ලදී. මෙමඟින් තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත් සූර්ය බලශක්තිය සුළං හා කුඩා ජල විදුලි බලාගාර වැනි පුනර්ජනනීය බලශක්තීන් වැඩි දියුණු කිරීමටත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් හා පාසල් දරුවන් දැනුවත් කිරීමටත් පියවර ගෙන ඇත

විකල්ප බලශක්ති මාර්ග හඳුනාගැනීමේ අවශ්‍යතාව

විදුලිය බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් රට තුළ විශාල සංවාදයක් මතුව තිබේ. විදුලිය බලය රටට සමාජයට අවශ්‍යම බල ශක්තියකි. විදුලිය පාවිච්චි කිරීම වෙනුවෙන් ගෙවන්නට සිදුවන මිල දිනෙන් දින ඉහළයාම සාමාන්‍ය ජනතාව මුහුණ පාන ගැටලූවකි.  විදුලිය බල මණ්ඩලයේ අධික වියදම් සහ එයින් වාර්තාවන පාඩු පියවාගෙන ආයතනය පවත්වාගෙන යන්නට නම් විදුලිය ගාස්තු වැඩි කළ යුතු බවට එහි බලධාරීහු තීරණය කර ඇත. නව ගාස්තු සම්බන්ධ යෝජනා මහජන උපයෝගීතා කොමිසම සියලූ පාර්ශ්වයගේ අවධානයට ලක් කළේය. එහිදී සාක්ෂිදුන් අයගෙන් සියයට අනූපහක්  විදුලිය ගාස්තු වැඩි කිරීම ගැන කැමැත්තක් දැක්වූයේ නැත. නමුත් මහජන උපයෝගීතා කොමිසම මණ්ඩලය යෝජනා කළ විදුලිය ගාස්තු වැඩිකිරීම අවම සංශෝධන සහිතව අනුමත කර තිබේ. දේශපාලන පක්ෂ, මහජන සංවිධාන ඇතුළු විවිධ බලවේග නව ගාස්තු ක‍්‍රමයට එකහෙලා විරුද්ධතාව පළ කරයි. නමුත් විකල්පයකට ඉඩ නැත. අවුරුදු නිවාඩුවට පසු එළැඹි පළමු සතියේ මාධ්‍ය ප‍්‍රධානීන් හමුවන සාකච්ඡුාවේ දී පවා විදුලිය ගාස්තු වැඩිවීම ප‍්‍රධාන මාතෘකාව බවට පත්විය. එම හමුවේදී මාධ්‍ය වෙත තොරතුරු ඉදිරිපත් කළ විදුලිය බල අමාත්‍යවරියට අනුව මෙරට විදුලිය පාරිභෝගිකයන

එළිය දෙන රටට විකල්ප බලශක්ති

Image
අ නාගතයේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස විකල්ප බලශක්ති ප්‍රභේද හඳුනා ගැනීම කෙරෙහි ලොව පුරා අවධානය යොමු වී ඇත. නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි බව ශක්තිය පුනර්ජනනීය බලශක්තිය ලෙස අර්ථ දැක්විය හැකිය. ජල විදුලිය, සුළං, ඩෙන්ඩ්‍රෝ, මුහුදු රළ, කෘෂිකාර්මික හා කාර්මික අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය හා භූ තාපය අප රට තුළ බලශක්තිය නිපදවිය හැකි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලෙස හඳුනාගෙන ඇත. මෙලෙස ලොව පුරා රටවල් තම රටට ගැළපෙන විකල්ප බලශක්තීන් වෙත යොමු වෙමින් පවතී. එමෙන්ම බලශක්තීන්ගෙන් පරිපූර්ණ රටවල්ද බලශක්ති සංරක්ෂණය හා පුනර්ජනනීය බලශක්තීන් කෙරේ යොමු වීමේ සම්මුතියකට එළඹී ඇත. මේ අනුව ශ්‍රී ලංකාවද 1985 දී බලශක්ති සංරක්ෂණ අරමුදල පිහිටුවන ලදී. මෙමඟින් තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත් සූර්ය බලශක්තිය සුළං හා කුඩා ජල විදුලි බලාගාර වැනි පුනර්ජනනීය බලශක්තීන් වැඩි දියුණු කිරීමටත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් හා පාසල් දරුවන් දැනුවත් කිරීමටත් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ දිනකට විදුලිය අවශ්‍යතාව ගිගාවොට් පැය 33 ක් වේ. මෙය වාර්ෂිකව 10 % කින් ඉහළ නැංවේ. මේ වන විට විදුලිය අවශ්‍යතාව