අපේ මව්බිම ආසියාවේ අසිරිමත් වූ ඉසුරුමත් දේශය බවට පත්කිරීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පස් වැදෑරුම් ජාතික වැඩපිළිවෙළේ අංගයක් ලෙස බලශක්තියට වැදගත් ස්ථානයක් හිමි වී තිබේ. බලශක්තියෙන් ස්වයංපෝෂිත වූ ශ්‍රී ලංකාවක් ඇතිකරලීමේ අරමුණෙන් එදා 84%කට සීමා වී තිබූ සමස්ත විදුලි සැපයුම, 2012 වන විට 100%ක් බවට පත්කිරීමේ යෝධ සැලැස්මක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ උපදේශකත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ පරමාණුක ශක්ති අධිකාරිය එක් ව මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. 2009 වසරේ දී දැවැන්ත ත්‍රස්තවාදය පරාජය කිරීමට ජාතික බලවේග විසින් ඉටුකළ කාර්යභාරය ආදර්ශයට ගනිමින් 2012 වන විට මුළු රට අඳුරෙන් මුදාගැනීමට ක්‍රියාත්මක වන්නේ බලය ලංකා වැඩපිළිවෙළයි. සියල්ලන් සඳහා ම විදුලියේ අයිතිය ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අතුරින් මෙගාවොට් 900ක ධාරිතාවකින් යුත් ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ අතර එමඟින් මෙගා වොට් 300 ධාරිතාවක් 201...
Comments
Post a Comment
මේ ලිපි කියවා ඔබගේ විචාර පූර්වක අදහස් විනීත බසකින් මෙහි සටහන් කිරීමට සහෘද ඔබ සැමට ලෙන්ගතු හදවතින් කාරුණිකව ඇරයුම් කරමු.