විකල්ප බලශක්ති මාර්ග හඳුනාගැනීමේ අවශ්‍යතාව

විදුලිය බල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් රට තුළ විශාල සංවාදයක් මතුව තිබේ. විදුලිය බලය රටට සමාජයට අවශ්‍යම බල ශක්තියකි. විදුලිය පාවිච්චි කිරීම වෙනුවෙන් ගෙවන්නට සිදුවන මිල දිනෙන් දින ඉහළයාම සාමාන්‍ය ජනතාව මුහුණ පාන ගැටලූවකි.  විදුලිය බල මණ්ඩලයේ අධික වියදම් සහ එයින් වාර්තාවන පාඩු පියවාගෙන ආයතනය පවත්වාගෙන යන්නට නම් විදුලිය ගාස්තු වැඩි කළ යුතු බවට එහි බලධාරීහු තීරණය කර ඇත. නව ගාස්තු සම්බන්ධ යෝජනා මහජන උපයෝගීතා කොමිසම සියලූ පාර්ශ්වයගේ අවධානයට ලක් කළේය.
එහිදී සාක්ෂිදුන් අයගෙන් සියයට අනූපහක්  විදුලිය ගාස්තු වැඩි කිරීම ගැන කැමැත්තක් දැක්වූයේ නැත. නමුත් මහජන උපයෝගීතා කොමිසම මණ්ඩලය යෝජනා කළ විදුලිය ගාස්තු වැඩිකිරීම අවම සංශෝධන සහිතව අනුමත කර තිබේ. දේශපාලන පක්ෂ, මහජන සංවිධාන ඇතුළු විවිධ බලවේග නව ගාස්තු ක‍්‍රමයට එකහෙලා විරුද්ධතාව පළ කරයි. නමුත් විකල්පයකට ඉඩ නැත. අවුරුදු නිවාඩුවට පසු එළැඹි පළමු සතියේ මාධ්‍ය ප‍්‍රධානීන් හමුවන සාකච්ඡුාවේ දී පවා විදුලිය ගාස්තු වැඩිවීම ප‍්‍රධාන මාතෘකාව බවට පත්විය. එම හමුවේදී මාධ්‍ය වෙත තොරතුරු ඉදිරිපත් කළ විදුලිය බල අමාත්‍යවරියට අනුව මෙරට විදුලිය පාරිභෝගිකයන්ගෙන් සියයට හැත්තෑපහක් නොඑසේනම් ලක්ෂ තිස්හතක් වන ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ මාසික විදුලිය පරිහරණය ඒකක 90 ට අඩුය. ඉන්ධන ගැළපුම් ගාස්තුව ද සමග එම උපරිමය දක්වා ඒකක භාවිත කරන කාණ්ඩ තුනට වැඩිවිය හැකි බිල රුපියල් 75.00 - 432.00 ක් අතර ගණනක් පමණකි. එහිදී හෙළි වූ කරුණු අනුව විදුලිය ගාස්තු වැඩිකිරීමෙන් ඉනික්බිතිව පවා පොදු ජනතාවට කර්මාන්ත හා ව්‍යාපාරවලට සහ සංචාරක අංශයට තව දුරටත් අවුරුද්දකට රුපියල් බිලියන පනහක විදුලිය සහනාධාරයක් හිමිය.
ප‍්‍රතිශතයක් වශයෙන් දකුණු ආසියාවේ රටවල් අතර වැඩිම ජන කොටසකට විදුලිය සපයා ඇති රට වශයෙන් සැලකිය හැකිය. එසේම විදුලිය ගාස්තු වෙනුවෙන් වැඩිම මිලක් ගෙවන රට බවට පත්ව ඇත්තේ ද ශ‍්‍රී ලංකාවයි. පසුගිය කාලය තුළ ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය හා නේපාලය යන දකුණු ආසියානු රටවල් දවස පුරා අඛණ්ඩව විදුලිය සපයන්නට අසමත් විය. ඉන්ධන මිල ඉහළ ගිය සහ ජල විදුලිය නිපැයුම ඉතාම අවම මට්ටමක පැවැති පසුගිය වසරේ අවසන් කාර්තුවේ පවා සුළු සීමා කිරීමක් හැරෙන්නට දවස පුරා විදුලිය සපයන්නට විදුලිය බල මණ්ඩලයට හැකියාව ලැබිණ. එහි වන්දිය ගෙවන්නට සිදුව ඇත්තේ වර්තමානයේය. විදුලිය බිල වැඩි කිරීම සමග ඒකක 90 දක්වා යම් මිලකට විදුලිය බිල වැඩිවීම දරාගත හැකි වන නමුත් එයින් පසු ඒකක ගණනක් භාවිත කරන පාරිභෝගිකයන්ට අවම වශයෙන් රුපියල් දෙදහසකින්වත් මාසික බිල වැඩිවිය හැකිය. එය ඉතා සංකීර්ණ තත්ත්වයකි. විදුලිය බල මණ්ඩලය ඒකක 90 ට අඩු විදුලිය ප‍්‍රමාණයක් භාවිත කරන පාරිභෝගික පිරිස සමස්තයෙන් සියයට හැත්තෑ පහක් බව ප‍්‍රකාශ කරන නමුත් මැදි ආදායම් ලබන රටක් වශයෙන් දියුණු වූ ශ‍්‍රී ලංකාවේ පොදු ජනතාවගේ විදුලිය පාරිභෝජනය ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. තවත් අවුරුදු තුනකින් ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4,000 ඉක්මවන සමාජයක විදුලිය ඒකක 90 ක් නොඑසේ නම් දිනකට විදුලිය ඒකක තුනක් පමණක් පරිහරණය කිරීම සමෘද්ධි සහන ලැබිය යුතු ආර්ථික තත්ත්වයක් බව පිළිගත යුතුය.
විදුලිය ඒකකයක් නිපදවන්නට වැය කරන මුදල 2008 දී රුපියල් 15.37 ක මිල මට්ටමේ සිට අද වන විට රුපියල් 23.30 දක්වා වැඩිවී ඇත. ජල විදුලිය ඒකකයක් නිපදවන්නට වැය වන්නේ රුපියල් 6.57 ක් පමණකි. නමුත් දැවිතෙල් ලීටරයකින් නිපදවිය හැක්කේ විදුලිය ඒකක හතරක් පමණකි. දැවි තෙල් ලීටරයක මිල රු. 115.00 කි. දැනට මෙරට විදුලිය නිෂ්පාදනයෙන් හරි අඩක් දැවි තෙල් භාවිතයෙන් සිදු කරන බව වාර්තාවෙයි. 1955 දී ජල විදුලිය මගින් විදුලිය නිපදවීම ඇරඹුන අතර 1995 වන විට මෙරට විදුලිය උත්පාදනයෙන් සියයට 95 ක් ජල විදුලියයෙන් කර ඇති බව දත්ත දක්වයි. විදුලිය පරිභෝජනය ඉහළයාම හා එයට සමාන්තර අන්දමට අඩු වියදමකින් නිපදවන සැලසුම් නිසි ලෙස අනුගමනය නොකිරීමෙන් එතැන් සිට සෑම අවුරුදු  හත අටකට වරක් රට තුළ විදුලිය අර්බුදයක් හටගෙන තිබේ. පසුගිය වසරේ උත්සන්න වූ විදුලි බල ප‍්‍රශ්නය නැවත 2018 වසර වන විට එළැඹෙනු ඇතැයි ක්ෂේත‍්‍රයේ විද්වත්හු අනතුරු අ`ගවති. පසුගිය වසරේ පැවති විදුලිය අර්බුදය හමුවේ කප්පාදුවකින් තොරව පරිභෝජනය කළ ජනතාව වෙත එහි බර පැවරෙන්නේ දෙගුණයකට වැඩි ප‍්‍රතිශතයකින් ගාස්තු වැඩිවීමක් සහිතව බව පෙනේ. මෙම ගාස්තු වැඩිවීමේ ප‍්‍රබලම කම්පනය දැනෙන්නේ මැදි ආදායම් ලබන විදුලිය ඒකක 90-200 අතර මාසික පරිභෝජනයක් කරන පාරිභෝගිකයන්ටය. එපමණක් නොව කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යාපාරවලටය. ලංකා වාණිජ මණ්ඩලය මෙම විදුලිය ගාස්තු සංශෝධනය මත ස්වකීය ව්‍යාපාරවලට සාමාන්‍යයෙන් සියයට 20-30 අතර අතිරේක මිල පිරිවැයක් දරන්නට සිදුවන බව දැනටමත් අනාවරණය කර තිබේ. කෙළින්ම විදුලි ගාස්තු වැඩිවීමට පරිබාහිරව සිය ජීවන වියදම වැඩිවීමේ තර්ජනයට ද පොදු ජනතාව නුදුරු වකවානුවේ දී මුහුණ දෙන්නට සිදුවනු ඇත. මෙරට නිවාස සංඛ්‍යාවෙන් සියයට අනූ දෙකක් විදුලිය බලය පාවිච්චි කරන අතර නව විදුලිය ගාස්තු සංශෝධනය අනුව සමස්ත බර පැටවෙන්නේ මැදි ආදායම් ලබන ගෘහස්ථ පාරිභෝගිකයන්ටය. 2007 දී කිලෝවොට් පැයකට රු 10.72 ක් ගෙවූ මෙම ඒකක අනුවකට වඩා භාවිතා කරන ගෘහස්ථ පාරිභෝගිකයන් ගේ විදුලිය බිල සියයට 59.4 උපරිමයක් දක්වා පරාසයකින් බිල ඉහළ යනු ඇත. කෙළින්ම විදුලිය බිල එතරම් වැඩි නොවන නමුත් විදුලිය වැඩි කිරීම නිසා නිෂ්පාදන හා සේවා මිල ඉහළ යාමෙන් පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවය.
විදුලිය බල මණ්ඩලයේ තාවකාලික ණය හා දීර්ඝ කාලීන ණය වෙනුවෙන් ගෙවන පොලී ප‍්‍රමාණය ඔවුන්ගේ අලාභයට ප‍්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ආදායම ගැන සැලකිල්ල දක්වා නැත. හි`ග විදුලිය ගාස්තු වශයෙන් රුපියල් බිලියන 364 අයකර ගත යුතුව තිබියදී දේශීය බැංකු වලින් ගත් තාවකාලික ණය වෙනුවෙන් දිනකට රුපියල් ලක්ෂ ගණනක් පොලිය වශයෙන් ගෙවයි. මෙම හි`ග විදුලිය බිල් අයකර ගන්නට ඇත්තේ රජය, ආරක්ෂක අංශ හා රජයට අනුබද්ධ ආයතන වලින් වීම විශේෂත්වයයි. බැංකු පොලී ගෙවීම වලකා ගත හැකි නම් විදුලිය ගාස්තු සෑහෙන ප‍්‍රමාණයකින් අඩු කළ හැකි බව පැහැදිලිය. දැනට ආර්ථික ප‍්‍රශ්න වලින් මිරිකී දෙස් විදෙස් ණය බර සහිතව සිටින රජයට ද මණ්ඩලයේ ඇති මූල්‍ය අසංවිධිත බවට විස`දුමක් දිය නොහැකිය. එහෙත් යම් වෙනසක් අනිවාර්යයෙන් කළ යුත්තකි. මෙම අලාභ මත තව දුරටත් විදුලිය බල මණ්ඩලය පවත්වාගෙන ගාස්තු වැඩි කරමින් ගියහොත් සාමාන්‍ය ජනතාවට විදුලිය පාවිච්චිය අති සුඛෝපභෝගී අවස්ථාවක් පමණක් බවට පත්වනු ඇත.
මහ බැංකු වාර්තා අනුව පෙන්වා දෙන්නේ ජනනය කරන විදුලිය බෙදාහැරීමේ දී විශාල වශයෙන් පද්ධති හානියක් සිදුවන බවයි. අවුරුදු දහයක් ඇතුළත එය සියයට 21 ක සිට සියයට 14.5 දක්වා අඩු කර ගෙන තිබේ. දියුණු රටවල මෙම ප‍්‍රතිශතය සියයට 8 ක් තරම්ය. නිපදවන විදුලියෙන් සෑහෙන කොටසක් බෙදාහරින අතරතුර විනාශ වන්නේ නම් අඩුමිලට විදුලිය ලබාදීම කළ හැකි එකක්ද? මෙලෙස අපතේ යන විදුලිය ප‍්‍රමාණයෙහි වටිනාකම පසුගිය වසරේ විදුලිය බල මණ්ඩලයේ ආදායම සමග සැස`දුවහොත් අවුරුද්දකට රුපියල් බිලියන 25.81 කි.  මෙරටට ආනයන වියදමෙන් සියයට හැටක් වැය කරන්නේ ඉන්ධන ආනයනයට බව වාර්තා දක්වයි. ආනයනය කරන ඉන්ධනවල වියදමෙන් තුනෙන් එකක් වෙන්කරන්නේ විදුලිය නිපදවීමටය. විදේශ විනිමය වැය කර ආනයනය කර දැවි තෙල් බලෙන් තාප විදුලිය නිපදවා එයින් විශාල කොටසක් අපතේ යවන ආයතනය මහජනතාවට තව තවත් ගාස්තු වැඩිකිරීම හා සමානව අඩුවියදමකින් නාස්තියෙන් තොරව විදුලිය නිපදවීම ගැන අවධානය යොමු කළ යුතුය. අතිවිශාල ණය බරක් ද එහි පොලිය ද සහිතව මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් තරම් විශාල අලාභ වාර්තා කර ඇති විදුලිය බල මණ්ඩලය එහි සියලූ බර මහජනතාව වෙත පැවරීමට තීරණය කිරීම සුදුසුද? එය වළකා ගත හැක්කේ නව ආකල්ප අනුව සිදුවන ප‍්‍රතිසංස්කරණයකින් පමණකි. රජයේ භාරයේ පවතින අතර මණ්ඩලයේ මෙහෙයුම් අංශ කිහිපයකට වෙන්කර ඒවා ස්වාධීනව පවත්වාගෙන යන්නටත්, එක් එක් ආයතන තර`ගකාරීත්වයක් සහිත සමාගම් බවට පරිවර්තනය කිරීමත් කළ හැකිය. එමගින් කාර්යක්ෂමතාවක් ඇතිවෙයි. විද්වතුන්ගේ අදහස් හා දර්ශනය අවශ්‍ය වන්නේ විදුලිය අඩු මිලට නිපදවිය හැක්කේ කෙසේ ද යන්න අනාවරණය කර ගැනීමටය. මහජන උපයෝගීතා කොමිසම මැදිහත් විය යුතු එවැනි වෘත්තීය මෙහෙයුමක් වෙනුවෙනි. ගාස්තු වැඩි කර විදුලිය බල මණ්ඩලය ලාභ උපයන මට්ටමට පත්කරන්නට අලූතින් මහජන උපයෝගීතා කොමිසම හෝ එහි සාක්ෂි විමසීම අවශ්‍ය නැත.
2011 වසරේ දී විදුලිය ගාස්තු වැඩි කරන විට පැවති රුපියල් බිලියන 144 ක ආදායම 2012 වසරේ දී රුපියල් බිලියන 160 දක්වාත් වසර 2015 වන විට මණ්ඩලය අලාභ නොලබන තත්ත්වයට පත් කර ගැනීමටත් යෝජනා කළ බව මතකය. නමුත් මේවන විට මණ්ඩලයේ වියදම ඉහළය. නව ගාස්තු සංශෝධනයෙන් පසු සාමාන්‍ය පාරිභෝගිකයන්ට විදුලිය විකිණීමෙන් ලැබෙන ආදායම අවුරුද්දකට රුපියල් බිලියන 69.9 කින් නොඑසේනම් සියයට 72.2 කින් ඉහළ යනු ඇති අතර කර්මාන්ත අංශයට විදුලිය විකිණීමෙන් උපයන ආදායම රුපියල් බිලියන 126.1 කින් නොඑසේ නම් මෙතෙක් ලද ආදායමට වඩා සියයට 11.3 කින් වාර්ෂිකව ඉහළට නැගෙනු ඇත. එසේ තිබියදී පවා ඉදිරියට ද තවත් රුපියල් බිලියන අසූවක පමණ වාර්ෂික මෙහෙයුම් අලාභයක් වාර්තා කරන්නට මණ්ඩලයට සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ. එය ද 2011 වසරේ අලාභයට වඩා වැඩි එකකි.  2011 අවුරුද්දේ විදුලිය බල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 19.3 ක් වූ අතර 2012 වසරේ දී එය රුපියල් බිලියන 61.2 තෙක් සියයට 217 කින් වැඩිවිය. මෙම පාඩුව තුළ ඛනිජ තෙල් සංස්ථාව ගෙවිය යුතු රුපියල් බිලියන 17.5 ක් ඇතුළත්ය. විදුලිය බල මණ්ඩලයට විදුලිය සපයන සැපයුම්කරුවන්ට ගෙවන්නට ඇති මුදල රුපියල් බිලියන 21 කි. පසුගිය වසරේ රුපියලේ අගය අවප‍්‍රමාණය කිරීම මත පමණක් විදුලිය බල මණ්ඩලයේ වියදම් රුපියල් බිලියන 132 කින් වැඩිවී ඇතැයි දැක්වෙයි.
මහජන උපයෝගීතා කොමිසම විදුලිය බල මණ්ඩලය ඉල්ලූම් කළ ගාස්තු වැඩි කිරීම අවම සංශෝධන සහිතව අනුමත කළ අතර කොන්දේසි අටක් පනවා එම කොන්දේසි ඉටු කළ යුතු බවට මණ්ඩලයට බල කර තිබේ. මේ වන විට සාමාන්‍ය පාරිභෝගිකයන්, කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත සමාජය ඉහළ ප‍්‍රතිශතයකින් විදුලිය ගාස්තුව වැඩිකරන්නට ගෙන ඇති තීරණය ගැන එකහෙලා විරෝධය පළ කරමින් සිටිති. නමුත් කොමිසම නියම කර ඇති කොන්දේසි කඩ කළහොත් එයට එරෙහිව ගන්නා පියවර කුමක්ද?
අවුරුදු දහයකට කලින් තිබුණ විදුලිය පරිභෝජනය සමග සස`දන විට අද රට තුළ එය මෙන් දෙගුණයක් විදුලිය භාවිතා කරන අතර තවත් අවුරුදු දහයකින් එය දෙගුණයක් දක්වා ඉහළට යයි. පසුගිය කාලය තුළ මෙරට පැවති ආණ්ඩු, ඇමැතිවරු සහ ප‍්‍රධාන නිලධාරීන් මෙරට විදුලිය ජනන හැකියාව ගැන ප‍්‍රමාණවත් අවධානයක් යොමු කර නැත. විදුලිය නිපදවීමට අලූත් යෝජනා ක‍්‍රම ඇරඹීම සහ අඩුම වියදමකින් විදුලිය නිපදවන්නට ඇති හැකියාව ගැන අවධානය යොමු කළේ නැත. ඉදිරි කාලය තුළ සැලැස්මට අනුව ක‍්‍රියා නොකළහොත් තවත් අවුරුදු හත අටක් ඇතුළත විදුලිය සම්බන්ධව විශාල අර්බුදයකට මහජනතාව සහ මෙරට ආර්ථිකය මුහුණ පාන බව ස`දහන් කළ යුතුය.
අක‍්‍රමවත් මූල්‍ය පාලනය හෙයින් විදුලිය බල මණ්ඩලයට රජයේ ඇපවීම මත විදේශ ණය ගන්නට ද සිදුවූ අතර රාජ්‍ය බැංකුවලට විදුලිය බල මණ්ඩලයේ දෛනික වියදම් වෙනුවෙන් දිගින් දිගටම ණය සපයන්නට සිදුවිය. ලංකා බැංකුව තම වත්කම්වලින් තුනෙන් එකක ප‍්‍රමාණයක් විදුලිය බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනවල තාවකාලික ණය අවශ්‍යතා වලට මුදල් සපයා ඇත. මණ්ඩලය කෙළින්ම මහජන බැංකුවට ණය වී ඇති මුදල රුපියල් බිලියන 42 කි. මෙම ණයවලට වාරික හා පොලිය ඉතා ඉහළය. ලංකා බැංකුව හා මහජන බැංකුව දිනපතා විදුලිය බල මණ්ඩලයෙන් පමණක් රුපියල් ලක්ෂ ගණනින් සපයන ලද ණය අයිරා වලින් පොලිය උපයයි.
 ඕනෑම මිලක් ගෙවා විදුලිය නිපදවා එය තමන්ට අවශ්‍ය මිලට විකිණීම රටක බලශක්ති ප‍්‍රතිපත්තිය විය යුතු නැත. විදුලිය නිපදවීමට යන පිරිවැය අඩු කර ගැනීම අද රටට ඇති එකම අවශ්‍යතාවයයි. විදුලිය ඒකකයක් නිපදවන්නට සාමාන්‍යයෙන් රුපියල් 23.10 ක් වියදම් කරන රටක් බවට පත්ව තිබේ. සෙසු රටවල් විදුලිය නිපදවන්නට මෙවැනි වියදමක් දරන්නේ දැයි විමසා බැලීම වටී. තරගකාරී මිලකට විකල්ප බලශක්ති ප‍්‍රභව ඇසුරෙන් විදුලිය නිපදවන්නට දෙස් විදෙස් ආයෝජකයන්ට නිදහසදීම අද අවශ්‍ය ප‍්‍රතිපත්ති තීරණයකි. විදුලිය බෙදා හැරීම හා අලෙවිය ද තරගකාරීව කළ යුතු බව පාත්ෆයින්ඩර් ආර්ථික පර්යේෂණ ආයතනය නිතර පෙන්වා දෙන කරුණකි. එය රජයට අයත් සමාගම් අතර තරගයක් ඇති කරන ආකාරයට පවත්වාගෙන යා හැකි බව යෝජනා කර තිබේ. ලර්න් ඒෂියා ආයතනය ඉලක්ක ගත ජන කොටසට පමණක් සහන ලැබෙන ආකාරයට විදුලිය බිල සකස් කිරීමේ වැදගත්කම පෙන්වයි. මෙරට තවත් විද්වතුන් අකාර්යක්ෂම, අසංවිධානාත්මක හා ඒකාධිකාරී ආයතනයක සියලූ පිරිවැය මහජනතාවට ගෙවන්නට බලකිරීම වෙනුවට තරගකාරීව ක‍්‍රියාකරන විදුලිය බල ක්ෂේත‍්‍රයක් රටට හ`දුන්වාදීම අවශ්‍ය බව කියයි. එය රජය ගත යුතු ප‍්‍රතිපත්ති තීරණයකි.

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය