විකල්ප බලශක්ති හඳුනා ගැනීම දැන් සිටම කළ යුතුව තිබේ...!!!

අනාගතයේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස විකල්ප බලශක්ති ප්‍රභේද හඳුනා ගැනීම කෙරෙහි ලොව පුරා අවධානය යොමු වී ඇත. නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි බව ශක්තිය පුනර්ජනනීය බලශක්තිය ලෙස අර්ථ දැක්විය හැකිය. ජල විදුලිය, සුළං, ඩෙන්ඩ්‍රෝ, මුහුදු රළ, කෘෂිකාර්මික හා කාර්මික අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය හා භූ තාපය අප රට තුළ බලශක්තිය නිපදවිය හැකි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලෙස හඳුනාගෙන ඇත. මෙලෙස ලොව පුරා රටවල් තම රටට ගැළපෙන විකල්ප බලශක්තීන් වෙත යොමු වෙමින් පවතී. එමෙන්ම බලශක්තීන්ගෙන් පරිපූර්ණ රටවල්ද බලශක්ති සංරක්ෂණය හා පුනර්ජනනීය බලශක්තීන් කෙරේ යොමු වීමේ සම්මුතියකට එළඹී ඇත. මේ අනුව ශ්‍රී ලංකාවද 1985 දී බලශක්ති සංරක්ෂණ අරමුදල පිහිටුවන ලදී. මෙමඟින් තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමටත් සූර්ය බලශක්තිය සුළං හා කුඩා ජල විදුලි බලාගාර වැනි පුනර්ජනනීය බලශක්තීන් වැඩි දියුණු කිරීමටත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් හා පාසල් දරුවන් දැනුවත් කිරීමටත් පියවර ගෙන ඇත

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය