බලශක්ති අර්බුදය හැඳින්වීම

බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද ඉල්ලුමක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්නට හැක.ඉහළ යන ලෝක ඉන්ධන අර්බුධයත් සමඟ විකල්ප බලශක්ති භාවිතය කෙරේ ඉහළ අවධානයක් යොමු වී තිබෙන අතර සූර්ය විදුලි බලය ඒ අතර ඉහළ අවධානයකට ලක් වී තිබේ.සූර්ය විදුලි බලය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනවයි.

ලෝක ඉන්ධන අර්බුධය අද ලෝකය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත් වී තිබේ.ලොව බහුලව භාවිතා කරන බලශක්ති ප්‍රභවය ලෙස පොසිල ඉන්ධන හැඳින්විය හැක.කාර්මික විප්ලවයෙන් පසුව සහ ලෝක ජනගහණ වර්ධනය හේතුවෙන් බලශක්ති භාවිතයේ සීඝ්‍ර ඉහළ යාමක් හඳුනා ගත හැක.පොසිල ඉන්ධන භාවිතයත් සමඟ ක්ෂය වන අතර නැවත නිෂ්පාදනය වසර දහස් ගණනක් තිස්සේ මන්දගාමී ස්වරූපයකින් සිදුවන ක්‍රියාවලියකි.මේ තත්වය තුළ ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම බරපතල ගැටලුවක් බවට පත් වී තිබේ.අද දවසේ බලශක්ති භාවිතය එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වී තිබීම තුළ සූර්ය විදුලි බලය,සුළං බලය,මුහුදු රළ,ජීව වායු ආදී විකල්ප බලශක්ති මාධ්‍ය කෙරේ මෑත කාලීන අවධානය යොමු වී තිබේ.මෙම විකල්ප අතරින් සූර්ය විදුලි බලය කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.

විශේෂ ලක්ෂණ

පෘථිවි තලයට පතිත වන සූර්ය ශක්තිය පැය දෙකක් තුළ භාවිතා කළ හොත් එමගින් මුළු ලෝකය‍ටම අවශ්‍ය බලශක්තිය නිපදවිය හැකි බව ඒ සම්බන්ධ පරීයේෂණ කළ විද්‍යාඥන්ගේ අදහසයි.එමෙන්ම සහරා කාන්තාරයෙන් 1/8 ක ප්‍රමාණයක් තුළ සූර්ය පැනල සවි කළ හොත් ලෝකයටම අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකි බව ඔවුහු දක්වති.සූර්ය විදුලි බල නිෂ්පාදනයේදී මූලික පිරිවැය පමණක් දැරිය යුතු අතර නඩත්තු වියදම් ඉතා අවම මට්ටමක පවතී.එය සූර්ය විදුලි බල භාවිතයේ ප්‍රධානතම ප්‍රතිලාභයකි.පරිසර හිතකාමී බව අනෙක් ප්‍රධානතම ප්‍රතිලාභය ලෙස දැක්විය හැක.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය