පරිසර හිතකාමී විකල්ප බලශක්ති


පරිසර හිතකාමී විකල්ප බලශක්ති මුලාශ්‍රයන් වන සුර්ය තාපය / මුහුදු ජලය සහ නැනෝ තාක‍ෂණය ආශ්‍රිත විකල්ප බලශක්ති මුලාශ්‍ර කෙරෙහි මේවන විට රජයේ අවධානය යොමුව ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. බලශක්ති සංරක‍ෂණය හා කාර්යක්්ෂම භාවිතය පිළිබඳ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනුයි ඔහු මේබව පැවසුවේ. ඉදිරියේදී ඇති වන බලශක්ති අර්බුධයන් හමුවේ ලෝක ඉන්ධන මිළ අඛණ්ඩව ඉහළ යාම කිසිදු රටකට පාළනය කල නොහැකි බවද අමාතවරයා එහිදී සදහන් කළා. බලශක්ති අධිපරිභෝජනය හමුවේ ලොවපුරා ඇතිවන පරිසර හානියත් ගෝලීය උණුසුම ඉහළ යාමත් හමුවේ ඉදිරියේදී ලොව රටවල් 36 ක් පමණ මුහුදු ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය