විදුලි බිල 80% කින් අඩු කරන මාතර තරුණයකුගෙන් විස්මිත නිපැයුමක්

විදුලි බුබුළු 30ක් පුරා පැය 10ක් දින 30ක් දල්වන ලද ගෘහයක මාසික විදුලි බිල්පත රුපියල් 30ට සීමාවන විදුලිය පිරිමැසුම්දායක අඩු වියදම් විදුලි බුබුළු වර්ග දෙකක් මාතර තරුණයෙක් නිෂ්පාදනය කර ඇත. ඔහු නිෂ්පාදනය කර ඇති විදුලි බුබුළු 200 යේ සිට 1500 දක්වා සවිකරන ලද ඕනෑම රජයේ හෝ පෞද්ගලික ආයතනයක මාසික විදුලි බිල්පත සියයට අසූවකින් අඩු කර ගත හැකි බවද මේ තරුණයා පෙන්වා දේ.
සංජය
වසර තුනක් තිස්සේ අඛණ්ඩව කරන ලද පර්යේෂණ අත්හදා බැලීමකින් පසු මේ අඩුවියදම් විදුලි පිරිමැසුම් විදුලි බුබුළු දෙක නිෂ්පාදනය කරන ලද්දේ මාතර, පල්ලිමුල්ලේ, ළිඳපාරේ නො. 35 / 1 දරන ලිපිනයේ පදිංචි එම්. එල්. සංජය (28) මහතාය. ඔහු විසින් නිෂ්පාදිත මේ විදුලි බුබුළු වර්ග දෙක දැනට ලියාපදිංචි කොට නිසි බලපත්‍රයක් ලබාගෙන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමේ මංගල කටයුත්ත අගෝස්තු 01 දා ආරම්භ කර තිබිණි.
එදින සිට අගෝස්තු 10 වැනි දින වනවිට ඔහුගේ මේ නිෂ්පාදිත විදුලි බුබුළු 12,800 ක් තොග වශයෙන් ද 3467 ක් සිල්ලර වශයෙන්ද අලෙවි වූ බව හේ කීවේය. මේ විදුලි බුබුළු දෙක නිෂ්පාදනය කිරීමේදී ඔහුට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන් උපරිම සහායක් ලැබුණු බව සංජය කීවේය. ඔහු නුගේගොඩ රොටරි ආයතනයෙන් ලබාගත් විශේෂ පුහුණුව ගැනද සිහිපත් කළේය.
එල්. ඊ. ඩී. වෝල්ක 20 හා එල්. පී. ඊ. වී. වෝල්ක 60 වර්ගයේ නිෂ්පාදිත මේ විදුලි බුබුළු දෙක සඳහා සංජය පේටන් බලපත්‍රයක් ද ලබා ගැනීමට අවශ්‍ය ලියාපදිංචිය ද ඉල්ලා ඇත. ඔහු තම නිවසේ මේ විදුලි බුබුළු නිෂ්පාදන ව්‍යාපෘතිය දැනට කරගෙන යන අතර එහි සේවකයින් 07 දෙනෙක් ද ඔහුට මේ සඳහා සහාය වෙයි.
රජයේ හා පෞද්ගලික ආයතනවලට මේ අඩු වියදම් විදුලි බුබුළු අවශ්‍ය වන්නේ නම් ඔහුට ඒ සඳහා ඕනෑම ප්‍රමාණයකින් විදුලි බුබුළු තොග වශයෙන් සැපයිය හැකි බවත් ඒ සඳහා වසරක වගකීම් සහතිකයක් ලබාදෙන බවත් එම ආයතනයේ විදුලිය මාසික බිල සියයට අසූවක් අඩුවන බව ඔවුන්ටම සහතික කර ගත හැකි බවත් සංජය පවසයි. ඔහුගේ ජංගම දුරකථන අංකය 0777770678.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය