කුඩා බලශක්ති ප්‍රභව යතාර්ථයක්ද?

බලශක්තිය කියද්දී අපිට ප්‍රධාන වශයෙන් මතක් වෙන්නේ විදුලිය. විදුලි බලය තිබේ නම් කල නොහැක්කක් නොමැති තරම්.. තාපය නිපදවාගන්න, තාපය ඉවත් කරන්න, යාන්ත්‍රික ශක්තිය නිපදවන්න.. ආලෝකය.. මේ හැම දේම විදුලියෙන් කරන්න පුලුවන් කියන එක අපිට ඉතා පැහැදිලියි.. එහෙනම් අපිට අවශ්‍ය එක දෙයයි..කුඩා බලශක්ති ප්‍රභවයක්.. ඇයි මේක කුඩා වෙන්න ඕනා??
ටෝච් එකක බැටරියක් ලොරියක් විතර උනා නම්.. අපි මුහුණපාන ගැටලු ගැන කියන්න අවශ්‍ය නෑ.. ගැටලුව තියෙන්නේ අපේ සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභව එක්කෝ ඕනෑවට වඩා විශාලයි.. එහෙ මෙහෙ ගෙනියන්න අපහසුයි.. ගෙනයාමට පුලුවන් ඒවා එක්කෝ බලය මදි.. නැත්තං බලය එක දිගට ලබාදෙන්න පුලුවන් කාලය මදි..
මේ වගේ ශක්ති ප්‍රභවයකට හොඳ උදාහරණයක් තමයි Iron Man ෆිල්ම් එකේ එන Arc Reactor එක.. ප්‍රමාණයෙන් කුඩා නමුත් විශාල ශක්තියක් ලබා දිය හැකි ශක්ති ප්‍රභවයක්.. (ලස්සන එලියකුත් එනවා :D ) මම දන්න තරමින් මෙහි ශක්තිය නිපදවෙන්නේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවකින් ලැබෙන ශක්තිය විදුලිය බවට පරිවර්ථනය කිරීමෙන් .. මෙකෙදි පාවිච්චි කරලා තියෙන තාක්ෂණය නම් විවාදාත්මකයි. නමුත් මම විශ්වාස කරන්නේ නොහැකි දෙයක් නැ කියන එක.
ඒ වගේම තවත් Power source එකක් මායාබන්ධන කියන TV series එකේ පාවිච්චි වෙනවා. ඒක නම් සාමාන්‍ය ප්‍රමාණයේ විශේෂ හැඩැති බැටරියක්. එහි විශේෂත්වය පෙන්වන්නේ මල්ටිමීටරයකින් එය පරීක්ෂා කිරීමේදී මල්ටිමීටරය විනාශ වෙනවා පෙන්වීමෙන්. මෙහිදී නැවතත් ප්‍රමාණයෙන් කුඩා නමුත් විශාල බලයක් ලබාදෙන ශක්ති ප්‍රභවයක් ඉදිරිපත් කෙරෙනවා.
ඇත්තටම බලශක්ති ප්‍රභවය කුඩා වීමේ වාසිය මොකක්ද? එහෙම උනා නම් දැනටමත් අපි මුහුණපාන බොහෝමයක් ගැටලු විසඳී අවසන්. උදාහරණයක් විදිහට දැන් විදුලි බලයෙන් ගමන් කරන වාහන ගැන බොහෝ දෙනෙක් උනන්දු වෙනවා.. මේවායේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි එක්වරක් ආරෝපණය කර ගමන් කල හැකි දුර සීමාවීම. නමුත් ප්‍රමාණයෙන් කුඩා ප්‍රභල බලශක්ති ප්‍රභවයක් තිබුනා නම් අකාර්යක්ෂම දහන එන්ජින් කෞතුකාගාර වල පමණයි දකින්‍න වෙන්නේ..
ඒ වගේම තමයි ලැප්ටොප් එකකට.. ජංගම දුරකතනයකට බැටරියේ වටිනාකම කියලා නිම කරන්න බෑ.. කොහොමද ජීවිතකාලය පුරා අවසන් නොවන ජංගම බල සැපයුමක් තිබුනා නම්.. එහි ප්‍රමාණය දැනට තිබෙන බැටරියක තරම් උනත් කාටත් ගැටලුවක් ඇති වෙන එකක් නෑ.
ඇත්තටම මේ අවශ්‍යතාවය නිසා බොහොමයක් විද්‍යාත්මක සොයාගැනීම් එක්තරා සීමාවක තියෙන්නේ.. මෙවන් ශක්ති ප්‍රභවයක් සොයාගත් දිනක සිදුවන දේවල් ගැන නම් හිතා ගන්න බැරි වෙයි.. Iron Man වගේ යන්ත්‍ර නිපදවෙන දිනත් වැඩි දුරක නැති වෙයි...