Posts

Energy Conservation Posters crate by Students

Image

Congratulation Our 12 -13 Debet Team won the provincial first place.

Image

Pot cooler

Image

Solar umbrella

Image

Water conserve Tank Bell

Image

Vegetables Dryer

Image

බලශක්තිය එදා සහ අද

Image
යම්කිසි කාර්යයක් කිරීමට ඇති හැකියාව ශක්තියයි. විශ්වයේ පැවැත්මට ශක්තිය අත්‍යාවශ්‍යයි. අවශ්‍යය ශක්තිය සපයන වස්තුව ශක්ති ප‍්‍රභවයයි. බලය යන්නෙන්් අදහස් වන්නේ ද මෙම ශක්තියම බවයි බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ. එහෙත් විද්‍යාඥයන් බලය යන වචනය යොදාන්නේ වෙනත් අර්ථයකටයි. යම් කාර්යයක් කිරීමට අවශ්‍ය කරන ශක්තියේ ප‍්‍රමාණය බලය ලෙසයි ඔවුන් හඳුන්වන්නේ.මානව ඉතිහාසය දෙස බලද්දී එදා සිට අද දක්වාම මිනිසා විසින් පරිභෝජනය කරනු ලබන බලශක්ති ප‍්‍රමාණයේ අඛණ්ඩ වර්ධනයක් දකින්නට ලැබෙනවා. එහෙත් මෙය පළමු කාර්මික විපල්වීය යුගය වනතෙක් මිනිසාගේ බලශක්ති පරිභෝජනය පරිසරයට තර්ජනයක් වුණේ නැහැ.කාර්මික විප්ලවය එනම් 17 වැනි සියවසේ සිට 19 වැනි සියවස දක්වාම මිනිසාගේ බලශක්ති අවශ්‍යතාව සපුරා ලූ ප‍්‍රධානතම බලශක්ති ප‍්‍රභවය වූයේ ගල් අඟුරුයි. ඒ යුගයේ ලෝහ උඳුන්වලට, බොයිලේරුවලට පමණක් නොව වාෂ්ප එන්ජින් වලට ද අවශ්‍ය බලශක්තිය ලබාදුන්නේ ගල් අඟුරුයි.19 වැනි සියවසේ මුල් භාගය තුළ සිදුවුණු නව විද්‍යාත්මක සොයා ගැනීම් බලශක්ති පරිභෝජනයේ ද විපර්යාසයන් ඇතිවුණා.  විදුලි බලශක්තිය හඳුනා ගැනීම මේ අතරින් ප‍්‍රධාන තැනක් ගන්නවා. කාර්මීකරණ කි‍්‍රයාවලි...

සුනිත්‍ය බලශක්‌තිය ශ්‍රී ලංකාව සහ ලෝක ප්‍රවණතා

Image
නිත්‍ය බලශක්‌තිය, ධරණීය බලශක්‌තිය නැතිනම් තිරසර බලශක්‌තිය (Sustainable energy) පිළිබඳව බොහෝ දෙනා කතා කරති, විමසති. සුළුපටු නො වන පරිසර දූෂණය යම් ආකාරයකින් හෝ නවතා ගැනීමට සුනිත්‍ය බලශක්‌තිය හරහා බොහෝ දෙනා උනන්දු වෙති. අනාගත පරපුර සඳහා අඳුරු නො වූ යුගයක්‌ දායාද කරලීම අරභයා සුනිත්‍ය බලශක්‌තිය කරළියට පැමිණ ඇත.  සුනිත්‍ය බලශක්‌තිය පිළිබඳව කතා කරන විට පුනර්ජනනීය බලශක්‌තිය සහ නව තාක්‌ෂණය, විකල්ප බලශක්‌ති ප්‍රභව සහ කාර්යක්‍ෂම ව බලශක්‌තිය සංවර්ධනය සඳහා යොදාගැනීම ආදි අංශ සියල්ල පිළිබඳව සැලකිලිමත් වීමට අවශ්‍ය වේ. පුනර්ජනනීය බලශක්‌තිය සහ සුනිත්‍ය බලශක්‌තිය යනු එකක්‌ නො ව ක්‌ෂේත්‍ර දෙකක්‌ වුව ද මේ ක්‌ෂේත්‍ර දෙක ම බොහෝ විට එකිනෙකට සමගාමී ව පෑහෙන මාතෘකා දෙකක්‌ බවට අද පත් ව ඇත. වර්තමාන ලෝක බලශක්‌ති පරිභෝජන රටාව දෙස බැලූ කල වැටහී යන කාරණය නම් ලෝක ප්‍රජාව තවමත් සිය අවශ්‍යතාවන් සඳහා සුනිත්‍ය බලශක්‌තිය ප්‍රයෝජනයට ගන්නේ අල්ප වශයෙන් බව ය. පුනර්ජනනය කළ නොහැකි ෆොසිල ඉන්ධන ලෝක බලශක්‌ති අවශ්‍යතාවෙන් 82%ක්‌ සපුරා ලන විට පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් තවමත් ලෝකයේ බලශක්‌ති අවශ්‍යතාවෙන් 18%ක්‌ පමණ වූ කුඩා ප්‍...

ඉදිරි වසරවල බලශක්තිය - රටේ බල ශක්ති අවශ්‍යතා හා වත්මන් අර්බූදය

Image
අද පවතින්නේ බල ශක්ති අර්බූදයකට වඩා ආනයන කරන ලද බල ශක්ති මූලාශ්‍ර මත වැඩියෙන් රඳා පැවැත්ම හා අපට කිසිසේත් පාලනය කළ නොහැකි ලෝක මිල ගණන් වල ඉහළ යෑමෙන් හට ගත් මූල්‍ය අර්බූදයකි. රටේ බල ශක්ති අවශ්‍යතා හා වත්මන් අර්බූදය ගැන කතා කරන විට විදුලි බලශක්ති අවශ්‍යතා ගැන පමණක් සාකච්ඡාවීම අවාසනාවකි. රටේ මුළු බලශක්ති පරිභෝජනයෙන් විදුලි බල අවශ්‍යතා වන්නේ 10% පමණක් බව පිළි ගත යුතුය. ( ජාතික බලශක්ති ශේෂ පත්‍රය- බලශක්ති සංරක්ෂණ අරමුදල.) ශේෂ පත්‍රයේ වැඩිම ප්‍රමාණයක් ගනු ලබන්නේ ප්‍රවාහනය හා කාර්මික බල ශක්ති ඉල්ලුම සඳහාය. සාමාන්‍ය නිවාස වල ගෑස් හා ලාම්පු තෙල් මිල ඉහළ යෑමෙන් ගෘහස්ථ බලශක්ති පිරිවැයද සැලකිය යුතු ප්‍රශ්නයකි. එමනිසා රටේ මූලික අවශ්‍යතාවය වන්නේ පාරිසරික වශයෙන් වඩාත් හිතකර මෙන්ම ආනයනය කළ ෆොසිල ඉන්ධන භාවිතා කිරීමට ලබා දී ඇති ඉඩ ප්‍රස්ථා හා පහසුකම් වලින් කොටසක් හෝ ලබා දීමෙන් හෝ මිලෙන් අඩු විකල්පයක් වන දේශීය බල ශක්ති මූලාශ්‍රයක් කෙරේ අවධානය යොමු කිරීමය. ආනයනය කළ ඉන්ධන වර්ගයක් වන ගල් අඟුරු තවදුරටත් ලාභ ඉන්ධන වර්ගයක් නොවේ. ගල් අඟුරු මිල, නිෂ්පාදනය කරන රටවලම ටොන් එකක් ඩොලර් 20.00 සිට ඩොලර් 140 දක්ව...

බලශක්තිය ගැන ඉදිරි දැක්මක් ඇතිව පිරිපහදුව දෙස අවධානය

Image
බොරතෙල් ආනයනය සහ පිරිපහදුව ගැන ආන්දෝලනයක් මාධ්‍ය වාර්තා කරයි. කොළඹට පැමිණි බොරතෙල් නැව් හතරක් පමණ තෙල් ගොඩබෑමට නොහැකිව සිටි අතර රුපියල් බිලියන ගණනක ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව අනාවරණය වෙයි. මෙම ප‍්‍රමාද ගාස්තු මහජන මුදලින් ගෙවන්නේ නැති බව අලූත්ම අදහසයි. හෙජිං ගිවිසුම මගින් රටට සිදුවූ ධන හානිය මහජනතාවගේ බදුවලින් ගෙවමින් සිටින රටකට නැව් ප‍්‍රමාද ගාස්තුව මහජන මුදලින් හැර ගෙවන අන් මගක් නැත. බොරතෙල් ගොඩබාන නළ මාර්ග සහිත බෝයාව කැඞීබි`දී යෑම සහ එය අලූත්වැඩියා කරන්නට අනුගමනය කළ පිළිවෙතද විසින් විශාල විවාදයක් ආරම්භ කර ඇත. මහජන මුදල් නාස්තිකිරීම සහ වංචා ¥ෂණ ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබේ. මෙම විවාදයේ සියලූ පැති ෙදූෂිත සහ අකාර්යක්ෂම පාලනයක එක් එක් කාරණා බව ස`දහන් කළ යුතුය. සපුගස්කන්ද, එහි නළය පුපුරායෑම හෝ ටෙන්ඩර් කැ`දවීමෙන් තොරව තෙල් ආනයනය කර අතරමැදි වාසි අත්පත් කරගැනීම යන කිසිදු කරුණක් ගැන කරන අවසාන විග‍්‍රහය පවා රටට වැදගත් එකක් වන්නේ නැත. මෙම තත්ත්වය එක ආණ්ඩුවක හෝ එක ඇමතිවරයකු පමණක් වගකිවයුතු තත්ත්වයක්ද නොවේ. සමස්තයක් වශයෙන් වාණිජ පදනමකින් අවධානය යොමුකර මෙරට බලශක්ති අංශය මෙහෙයවන්නට ...

හරිත බලශක්ති ශූරයා තරඟාවලිය දියත් කරයි

Image
ජර්මනියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා ශ්‍රී ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ ආයතනය හා ඒකාබද්ධව Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH විසින් මෙම “හරිත බලශක්ති ශුරයා˜තරඟාවලිය සංවිධානය කරනු ලැබේ. පුනර්ජනනීය බලශක්ති සංකල්ප සහ බලශක්ති සුරැකුම් සංකල්ප පිළබඳ නව ව්‍යාපෘති අදහස් මෙම තරඟයට ඉදිරිපත් කළ හැකි අතර ඒ අතරින් හොඳම අදහස තෝරා අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිතය. “හරිත බලශක්ති ශුරයා˜ තරඟාවලිය දියත් කිරීමේ අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මෝහාඩ් මහතා ආරාධිත අමුත්තන් ලෙස එක්විය. මෙම ව්‍යාපෘතිය මඟින් බලශක්ති සංරක්ෂණය පිළිබඳ දිවයින පුරා මහජනතාව දැනුවත් කිරීමට සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳ නව අදහස් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් බලශක්ති සංරක්ෂණය පිළිබද නිසි විසඳුම් සොයාගැනීමට අපේක්ෂිත අතර ඒ...