බලශක්ති අර්බුදය හැඳින්වීම
බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද ඉල්ලුමක් ඇති වීම නව ප්රවනතාවක් ලෙස දක්නට හැක.ඉහළ යන ලෝක ඉන්ධන අර්බුධයත් සමඟ විකල්ප බලශක්ති භාවිතය කෙරේ ඉහළ අවධානයක් යොමු වී තිබෙන අතර සූර්ය විදුලි බලය ඒ අතර ඉහළ අවධානයකට ලක් වී තිබේ.සූර්ය විදුලි බලය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනවයි. ලෝක ඉන්ධන අර්බුධය අද ලෝකය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත් වී තිබේ.ලොව බහුලව භාවිතා කරන බලශක්ති ප්රභවය ලෙස පොසිල ඉන්ධන හැඳින්විය හැක.කාර්මික විප්ලවයෙන් පසුව සහ ලෝක ජනගහණ වර්ධනය හේතුවෙන් බලශක්ති භාවිතයේ සීඝ්‍ර ඉහළ යාමක් හඳුනා ගත හැක.පොසිල ඉන්ධන භාවිතයත් සමඟ ක්ෂය වන අතර නැවත නිෂ්පාදනය වසර දහස් ගණනක් තිස්සේ මන්දගාමී ස්වරූපයකින් සිදුවන ක්‍රියාවලියකි.මේ තත්වය තුළ ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම බරපතල ගැටලුවක් බවට පත් වී තිබේ.අද දවසේ බලශක්ති භාවිතය එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වී තිබීම තුළ සූර්ය විදුලි බලය,සුළං...



I most like this blog. because I can learn about energy saving
ReplyDelete