බලශක්තිය ගැන ඉදිරි දැක්මක් ඇතිව පිරිපහදුව දෙස අවධානය

බොරතෙල් ආනයනය සහ පිරිපහදුව ගැන ආන්දෝලනයක් මාධ්‍ය වාර්තා කරයි. කොළඹට පැමිණි බොරතෙල් නැව් හතරක් පමණ තෙල් ගොඩබෑමට නොහැකිව සිටි අතර රුපියල් බිලියන ගණනක ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව අනාවරණය වෙයි. මෙම ප‍්‍රමාද ගාස්තු මහජන මුදලින් ගෙවන්නේ නැති බව අලූත්ම අදහසයි. හෙජිං ගිවිසුම මගින් රටට සිදුවූ ධන හානිය මහජනතාවගේ බදුවලින් ගෙවමින් සිටින රටකට නැව් ප‍්‍රමාද ගාස්තුව මහජන මුදලින් හැර ගෙවන අන් මගක් නැත. බොරතෙල් ගොඩබාන නළ මාර්ග සහිත බෝයාව කැඞීබි`දී යෑම සහ එය අලූත්වැඩියා කරන්නට අනුගමනය කළ පිළිවෙතද විසින් විශාල විවාදයක් ආරම්භ කර ඇත. මහජන මුදල් නාස්තිකිරීම සහ වංචා ¥ෂණ ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

මෙම විවාදයේ සියලූ පැති ෙදූෂිත සහ අකාර්යක්ෂම පාලනයක එක් එක් කාරණා බව ස`දහන් කළ යුතුය. සපුගස්කන්ද, එහි නළය පුපුරායෑම හෝ ටෙන්ඩර් කැ`දවීමෙන් තොරව තෙල් ආනයනය කර අතරමැදි වාසි අත්පත් කරගැනීම යන කිසිදු කරුණක් ගැන කරන අවසාන විග‍්‍රහය පවා රටට වැදගත් එකක් වන්නේ නැත. මෙම තත්ත්වය එක ආණ්ඩුවක හෝ එක ඇමතිවරයකු පමණක් වගකිවයුතු තත්ත්වයක්ද නොවේ. සමස්තයක් වශයෙන් වාණිජ පදනමකින් අවධානය යොමුකර මෙරට බලශක්ති අංශය මෙහෙයවන්නට පාලකයන් අසමත්වීමේ වරදට අද සමාජය වන්දි ගෙවමින් සිටී. මෙරට සමස්ත ඛනිජ තෙල් කර්මාන්තය දෙස අලූත් ආකාරයකට අවධානය යොමුකරන්නට අවශ්‍යය. අද තීන්දුවක් නොගතහොත් අනාගත පුරපුරට එය විශාල ආර්ථික හිරිහැරයක් වනු නොඅනුමානය.
1998 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් 18ක් වූ බොරතෙල් බැරලයක මිල 2014 අවුරුද්දේ ඇමරිකානු ඩොලර් 102 පමණවෙයි. තෙල් මිල සමග ලෝක ආර්ථිකය මහත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්වනු ඇතැ’යි පැතිරයමින් ඇති එක් අදහසකි. ජාත්‍යන්තර ඇතැම් නිරීක්ෂකයන්ගේ අදහස බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 200 තෙක් වැඩිවිය හැකි බවය. එහෙත් තාක්ෂණය එය පාලනය කරමින් සිටී. පොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්තිය අනාවරණය කරගනිමින් සිටින අතර මෙතෙක් කෙළින්ම පොළොව කැණ සොයා ගත් බොරතෙල් නිධි වෙනුවට පොළොවේ හරස් කැපුම් ඔස්සේ නළ යවා තාක්ෂණයෙන් තෙල් නිධි අනාවරණය කරගෙන ඒවා ප‍්‍රයෝජනයට ගැනීම දක්වා කර්මාන්තය පරිවර්තනයකට ලක්ව ඇත. එවැනි වකවානුවක ශ‍්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කරන්නේ අවුරුදු හතළිස් පහක් පැරණි යාන්ත‍්‍රණයක් සහිතවය. ඉතාලියෙන් ගෙනා මෙම යන්ත‍්‍ර අද ලෝකයේ කොතැනක හෝ භාවිත කරන්නේ නැත. සපුගස්කන්ද තෙල් පිරිපහදුව දිනකට තෙල් බැරල් පනස් දහසක් සකස් කරන බව දක්වතත් එසේ කරන්නට හැකියාව ඇත්තේ ඉරානයෙන් ආනයනය කරන තෙල් තොග පමණක් වන අතර මෙවලම්වල අකාර්යක්ෂමතාව මත දිනකට බැරල් තිස්දහස ඉක්මවා යා නොහැකිය. මේ වෙනුවෙන් දහසකට අධික සේවක පිරිසක් නිරතය. නූතන යන්ත‍්‍ර අනුව ලෝකයේ ඕනෑම ද්‍රව මට්ටමක බොරතෙල් පිරිපහදුවක් දෙතුන් සියයක ශ‍්‍රමයකින් මෙහෙයැවෙන අතර සම්පූර්ණ යාන්ත‍්‍රික මෙහෙයැවීම වියදම විශාල වශයෙන් කපාහරියි.
ඉරානයේ තෙල් පමණක් භාවිත කර පණගැන්වෙන සපුගස්කන්ද පිරිපහදුව ඇමරිකාව විසින් ඉරානයට සම්බාධක පනවන ලද අවස්ථාවේද අර්බුදයට පත්වූ අතර මෙරට රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන්ට ඇමරිකාව ඉදිරියේ ගතු කියා සීමිත බොරතෙල් ප‍්‍රමාණයක් මිලදී ගැනීමට පමණක් ඉරානය සමග ගනුදෙනු කරන්නට අවසර ලැබිණ. මෙවැනි පසුබිමක් මත ඉදිරියේදී මන්නාරම් ද්‍රෝණියෙන් බොරතෙල් ලැබුණහොත් සපුගස්කන්ද පිරිපහදුවට එය පිරිසිදු කරන්නට හැකියාවක් නැත. මන්නාරම ද්‍රෝණියේ ඛනිජතෙල් සම්පත් ඇති බව කියන්නේ 1957 සිටය. 1972දී පේසාලේ අවට කැණීම්වලින් තෙල් සොයාගත් බව ප‍්‍රකාශවූ නමුත් එයද හුදු ප‍්‍රචාරයක් පමණක් බව පසුව තහවුරු විය. කැනඩාව, ඇමෙරිකාව, නෝර්වේ, ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවල් ශ‍්‍රී ලංකාව අවට මුහුදේ තෙල් සම්පත් ඇත්දැ’යි පසුගිය වසර පනහකට ආසන්න කාලය තුළ සොයා බලා තිබේ. ප‍්‍රංශය, වියට්නාමය, චීනය හා රුසියාවට ද මෙරට මන්නාරම ආශ‍්‍රිතව බොරතෙල් කැණීම්වලට සම්බන්ධ වන ලෙස මෙරට ආණ්ඩු විවිධ වකවානුවලදී නිල වශයෙන් ඇරියුම් කර ඇත. 1964 සිට 1980 දක්වා රුසියානු හා ඇමරිකානු සමාගම් මෙරට මුහුදුබඩ ප‍්‍රදේශවල බොරතෙල් ඇතිදැ’යි සොයා බැලීමේ පරීක්ෂණවල නිරත විය. අවසානයේදී එම සමාගම් සිය උත්සාහය අත්හරින ලද්දේ තෙල් ඇත යන සාධකයට වඩා තෙල් නිධි සොයා ගැනීමෙන් පසු එය වාණිජ වශයෙන් ලාභදායක එකක් නොවන බව තහවුරුකර ගැනීමෙන් පසුවය. එයින් ඉනික්බිතිව මෙරට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙරට තෙල් ගවේෂණයට ඉදිරිපත් වන ලෙස ලෝකයේ ප‍්‍රමුඛ ආයතනවලින් ඉල්ලා සිටියේය. 2008 වසරේදී ඉන්දියානු සමාගමකට මෙරට තෙල් ගවේෂණ කටයුතු පැවරීමට කැබිනට් අනුමැතියදී ඇත. පරීක්ෂණවලදී තෙල් ළිං තුනකින් දෙකක ද්‍රව ගෑස් සහ හයිඩ්‍රොකාබන් දියර හමුවූ බව තහවුරුකර තිබේ.
ශ‍්‍රී ලංකාවට අවුරුද්දකට බොරතෙල් ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන හතක් පමණ වියදම් කරන්නට සිදුවන අතර එය මෙරට සම්පූර්ණ ආනයන වියදමෙන් සියයට හැටක් පමණ බව ශීී‍්‍ර ලකා මහ බැංකුවේ වාර්තා පෙන්වාදෙයි. ඛනිජ තෙල් කර්මාන්තය ආශ‍්‍රිත ව්‍යාපාර වියදම් අධිකය. ශ‍්‍රී ලංකාවෙන් බොරතෙල් හමුවේයැ’යි උපකල්පනයද අවාසිදායක නැත. පිරිපහදු කරන ලද තෙල් ආනයනය කරනවා වෙනුවට බොරතෙල් ගෙන්වා මෙරටදී පිරිසිදුකිරීමේදී ලාභයක් ලැබෙන අතර අතුරු නිෂ්පාදනවලින් තවත් වාසියක් අත්පත්වෙයි. ගෑස්, ලිහිසි තෙල් සහ තාර වැනි අතුරු නිෂ්පාදන රටට ආනයනය නතර කළ හැකි තරමට මෙම ව්‍යාපාරය දියුණු කරන්නට අවස්ථාව තිබේ. එය කළහැකි වන්නේ සපුගස්කන්දට අලූත් බෝයා හෝ නළ මාර්ග එලීමෙන් ද, චිමිනි අලූත්වැඩියාවට විශාල ධනයක් ද යෙදවීමෙන් නොවේ.
සපුගස්කන්ද පිරිපහදුවේ පිරිපහදුව රටට සපයන්නේ මුළු අවශ්‍යතාවෙන් සියයට හතළිහක් පමණකි. ඉතිරිය වෙනුවෙන් පිරිසිදු කරන ලද ඉන්ධන ආනයනය කරයි. සම්පූර්ණ ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් බොරතෙල් පිරිපහදු කළහැකි සහ අතිරික්තයක් ඇත්නම් අපනයනයට යොමු කරන ආකාරයේ දැක්මක් ඇතිව නව පිරිපහදු සංකීර්ණයක් ගැන අවධානය යොමු කළයුතුව ඇත. පර්යේෂකයන් දක්වන ආකාරයට මෙවැනි නව පිරිපහදුවක් අවුරුදු හතක් ඇතුළත සම්පූර්ණ ආයෝජන වියදම පියවා ලාභ උපයන තත්ත්වයට කැ`දවිය හැකිය. දිර්ඝකාලීනව ප‍්‍රතිඵල අත්පත් කර දෙන ඉතාමත් නරක ආයෝජන සේ සැලකෙන හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ සහ සූරියවැව කි‍්‍රීඩාංගණය වෙනුවෙන් ණයවූ මුදල් දෙස බලන විට මාගම් පුරවරය ආශි‍්‍රතව අලූත් පිරිපහදුවක් ඉදිකිරීම වාසිදායක ආයෝජනයකි. වාණිජ පදනමකින් ණය ගෙන එය ක‍්‍රියාත්මක කළද වරාය ආශ‍්‍රිත ව්‍යාපාර විවිධාංගීකරණයක් සහ රැුකියා උත්පාදනයක් කරන හෙයින් ඉතාමත් වැදගත්ය. සාමාන්‍යයෙන් මෙවැනි විශාල ආයෝජන ආණ්ඩුව කරන්නට උවමනා නැත. පුද්ගලික අංශයේ දෙස් විදෙස් ආයෝජකයන් එයට ආයෝජනය කරන්නට පොළඹවාගත හැකිවෙයි. එයින් ආණ්ඩුවට අවදානමක් නැති අතර අවශ්‍ය වන්නේ විද්වතුන්ගේ මණ්ඩලයක් යොදා ගැළපෙන ගිවිසුමක් අත්සන් කිරීම පමණකි.
මේ අතර තමන්ගේම තෙල් මිලදී ගන්නා ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක ණය දී සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කරන්නට ඉරානය යෝජනා කළේය. 2007 වසරේදී එයට ගිවිසුම් අත්සන් කළද ඉදිරියට ගියේ නැත. බලශක්ති අමාත්‍යාංශය මෙම පිරිපහදුව ඉන්දියන් ඔයිල් සමාගම ලවා නවීකරණය කරන්නට තැත් කළද, පවතින යන්ත‍්‍රවල ධාරිතාව සහ කාර්යක්ෂමතාව සලකා ආර්ථික වශයෙන් නොගැළපෙන එකක් බව සලකා එය අත්හැරදමා තිබේ. චීනය, චෙක් රාජ්‍යයටය, ඇමරිකාවට සහ මලයාසියාවටද සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද නමුත් එම රටවල් ඒවා අවධානයට ගෙන නැත. එයට හේතුව මෙම යන්ත‍්‍රාගාරයේ පවතින නොගැළපීමයි. ආණ්ඩුව තමන්ගේ ජනතාවගේ බදු ආදායමින් තව තවත් නළ එලමින් මෙම යකඩ ක`ද නඩත්තු කරන්නේ කිසිදු දුරදක්නා වැඩපිළිවෙළක් රහිතව වීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයයි.
අවුරුද්දක් පාසා ඉහළ යන බලශක්ති අවශ්‍යතාව සහ රට තුළ පිරිපහදුවට ඇති අවස්ථා ගැන විමසා බලා රටට ගැළපෙන අලූත් තාක්ෂණය සහිත පිරිපහදුවක් කෙරෙහි අවධානය යොමුකිරීමට කාලය එළැඹ තිබේ. දැන් පවතින ආකාරයට කරන වියදමට වන්දි ගෙවන්නේ පොදු ජනතාවයි. මෙරට පිරිපහදු කරන සෑම තෙල් බිංදුවක්ම අධික පිරිවැයක්, අධික අකාර්යක්ෂමතාවක් සහ පිරිපහදුවේ දෝෂ හෙයින් විශාල ප‍්‍රමාණයක් නැවත වාෂ්ප වී යන ක‍්‍රමයකට අනුගතවී තිබේ. මෙම ක‍්‍රමය ලාභදායක වී ඇත්තේ තෙල් ඇණැවුම් කරන්නන්ට පමණකි. තෙල් නැව් පැමිණි විට ටග් යාත‍්‍රා යොදා බෝයාව තෙක් ඇදගෙන එන සමාගම්වලට මෙය මහා ඉල්ලමකි. ආණ්ඩුවේ රක්ෂණ සංස්ථාවටත් නොදෙන මෙහි බොරතෙල් ප‍්‍රවාහනය සහ ගොඩබෑමේ රක්ෂණ අවස්ථා අතරමැදියන්ට ධන උල්පතකි. වෘත්තීය සමිතිවලටත්, මැති ඇමැතිවරුන්ටත් මෙම බොරතෙල් ව්‍යාපාරය ධනයත් බලයත් උපයා දෙයි. 

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය