සුනිත්‍ය බලශක්‌තිය ශ්‍රී ලංකාව සහ ලෝක ප්‍රවණතා
නිත්‍ය බලශක්‌තිය, ධරණීය බලශක්‌තිය නැතිනම් තිරසර බලශක්‌තිය (Sustainable energy) පිළිබඳව බොහෝ දෙනා කතා කරති, විමසති. සුළුපටු නො වන පරිසර දූෂණය යම් ආකාරයකින් හෝ නවතා ගැනීමට සුනිත්‍ය බලශක්‌තිය හරහා බොහෝ දෙනා උනන්දු වෙති. අනාගත පරපුර සඳහා අඳුරු නො වූ යුගයක් දායාද කරලීම අරභයා සුනිත්‍ය බලශක්‌තිය කරළියට පැමිණ ඇත.
සුනිත්‍ය බලශක්‌තිය පිළිබඳව කතා කරන විට පුනර්ජනනීය බලශක්‌තිය සහ නව තාක්‌ෂණය, විකල්ප බලශක්ති ප්‍රභව සහ කාර්යක්‍ෂම ව බලශක්‌තිය සංවර්ධනය සඳහා යොදාගැනීම ආදි අංශ සියල්ල පිළිබඳව සැලකිලිමත් වීමට අවශ්‍ය වේ. පුනර්ජනනීය බලශක්‌තිය සහ සුනිත්‍ය බලශක්‌තිය යනු එකක් නො ව ක්‌ෂේත්‍ර දෙකක් වුව ද මේ ක්‌ෂේත්‍ර දෙක ම බොහෝ විට එකිනෙකට සමගාමී ව පෑහෙන මාතෘකා දෙකක් බවට අද පත් ව ඇත.
වර්තමාන ලෝක බලශක්‌ති පරිභෝජන රටාව දෙස බැලූ කල වැටහී යන කාරණය නම් ලෝක ප්‍රජාව තවමත් සිය අවශ්‍යතාවන් සඳහා සුනිත්‍ය බලශක්‌තිය ප්‍රයෝජනයට ගන්නේ අල්ප වශයෙන් බව ය. පුනර්ජනනය කළ නොහැකි ෆොසිල ඉන්ධන ලෝක බලශක්‌ති අවශ්‍යතාවෙන් 82%ක් සපුරා ලන විට පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් තවමත් ලෝකයේ බලශක්‌ති අවශ්‍යතාවෙන් 18%ක් පමණ වූ කුඩා ප්‍රතිශතයක් පමණක් සපුරාලයි.
ලෝකයේ සැම පස් දෙනකු ගෙන් එක් අයකුට තවමත් විදුලි බලය ලැබී නැත. මින් 70%ක් ම කාන්තාවන් වීම කණගාටුවට කරුණකි. මෙලෙස බලන කල ලෝක ජනගහණයෙන් බිලියන 1.4කට තවමත් විදුලිබල පහසුකම් නොමැති අතර මේ ප්‍රමාණයෙන් 95%කට වැඩි ප්‍රතිශතයක් වාසය කරන්නේ උප සහරානු අප්‍රිකා කලාපයේ සහ සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රටවල වීම කැපී පෙනෙන සිදුවීමකි. අප වාසය කරන දකුණු ආසියාතික කලාපයේ මිලියන 500ක් තරම් ජනගහනකට තවමත් විදුලි බල ශක්‌තිය ලැබී නොමැත. දකුණු ආසියාතික කලාපයේ පසුබිම හා සලකා බලන විට ශ්‍රී ලංකාවේ බලශක්‌ති පරිභෝජනය පිළිබඳව යම් තාක් දුරට සෑහිමකට පත් විය හැකි නමුදු අප කෙතරම් දුරට සුනිත්‍ය ලෙස බලශක්‌තිය ප්‍රයෝජනයට ගන්නේ ද යන්න නම් ගැටලුවකි. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිලෙහි සහ ගල් අඟුරු මිලෙහි විශාල විචලනයක දී සහ දීර්ඝ නියං කාලයක දී බලශක්‌තිය නිපදවීමට ගන්නා පුර්වොපා සහ සූදානම් වීම් පිළිබඳව නැවතත් සලකා බැලීම වැදගත් වනු ඇත.

I want contact you.
ReplyDeleteRasi weerasinghe from divaina newspaper.
0718-580383