Posts

Showing posts from November, 2014

සූර්ය විකල්ප බලශක්ති ප්‍රභවය

Image
සෙසු විකල්ප බල ශක්ති ප්‍රභව අතරින් වඩාත් ප්‍රචලිතව ඇත්තේ සුර්ය විදුලි බලයයි.එහෙත් මුලිකව දරන්නට වන වියදම වැඩිවීම නිසා බොහෝදෙනා එයට යොමුවීමට මැලි වෙති.එහෙත් දැන් ඔබට කිව යුත්තේ සුර්ය විදුලි බල සැපයුමක් ස්ථාපිත කර ගැනීමට විශාල මුදලක් වැය නොවන බවය.එය ඔබට දරන්නට හැකි මට්ටමකි.නිවසක ඝාවිතය සඳහා සුර්ය පැනලය සහිතව රුපියල් පහළොස් දහසකට පමණ  සවිකර ගත හැකිය.හෙටදින අඩවිය මෙම වියදම තවත් අඩුකරමින් නව ක්‍රමයකට සුර්ය බල ශක්තිය ලබා දීමට දැන් පරීක්ෂණ කරමින් සිටී.නුදුරු දිනයකදීම එහි ප්‍රතිඵල ඔබට ඉදිරිපත් කරමි. සුර්ය බල කට්ටලයක් මගින් නිවසකට විදුලි බලය ලබා ගතහොත් දැනට මසකට වැයවන විදුලි ප්‍රමාණයෙන් හතරෙන් තුනකට වඩා අඩුකර ගත හැක.එනම් විදුලිබල ඉතිරිය 75% ට වඩා වැඩිය.ඒ කියන්නේ දැන් ඔබට මසකට විදුලි බිල රුපියල් 100 ක් එන්නේ නම් ඔබට සුර්ය ශක්තිය ඒකාබද්ධ කලවිට ලැබෙන්නේ රුපියල් 25 කටත් අඩු විදුලි බිලකි. සුර්ය ශක්තිය මගින් විදුලිය ජනනයේදී ලැබෙන වාසි. 1.විදුලිය නොමිලේ ලැබේ. 2.සුර්ය පැනලයක් වසර 20 කට වඩා භාවිතා කල හැක. 3.විදුලිය ඇනහිටීමක් නැත. 4.පරිසර දුෂණයක් නැත. 5.විදුලිසැර වැදීම වැනි අනතුරු

විකල්ප බලශක්ති ප්‍රභව

Image
ලංකාවේ ප්‍රධානතම විදුලිබල ප්‍රභවය වන ජල විදුලි බලයට අමතරව අනෙක් පිළිගත් සහ ප්‍රධානම ප්‍රභවය වන්නේ ඩීසල් විදුලිබලාගාර වලින් නිපදවන විදුලියයි. රජය පෞද්ගලික බලාගාර වලින් පාඩු පිට මිලදී ගන්නා මෙම විදුලි ඒකක අළෙවි වන්නේ පාරිභෝගිකයාටද දැරිය නොහැකි මිලකටයි . මේ නිසාම රජය වඩා මිල අඩු ගල් අඟුරු තාප බලාගාර ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. දැන් දැන් හරිත බලශක්ති  (Green Energy Sources ) ප්‍රභව වන සූර්ය ශක්තිය සහ සුලං බලය කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතත්, ඒවායේ අකාර්යක්‍ෂම බව සහ ඒකාකාරී නොවන සැපයුම නිසා ඒවා කෙරෙහි සම්පූර්ණ බලාපොරොත්තු තබා ගත නොහැක. එසේම තවමත් මූලික වියදම අධික ශක්ති ප්‍රභව දෙකක් නිසා මේ කෙරෙහි ඇති අවධානය අඩු බවක් දක්නට ලැබේ. එසේම ඩීසල් සහ ගල් අඟුරු විදුලි බලාගාර වලින් පිටවන කාබන්ඩයොක්සයිඩ්  නිසා මේ ක්‍රම දෙකම අනාගත ලෝකයේ පැවැත්ම කෙරෙහි දැඩි තර්ජනයක් එල්ල කරන ක්‍රම දෙකක් බවට පත් වී ඇත. දැනටමත් ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 390 ppm (කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 390 ක්) වනවා. ෆොසිල ඉන්ධන පාවිච්චිය මේ අයුරින්ම සිදු වුව හොත් 2050 වන විට මේ අගය 550 – 750 

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය

Image
අපේ මව්බිම ආසියාවේ අසිරිමත් වූ ඉසුරුමත් දේශය බවට පත්කිරීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පස් වැදෑරුම් ජාතික වැඩපිළිවෙළේ අංගයක් ලෙස බලශක්තියට වැදගත් ස්ථානයක් හිමි වී තිබේ. බලශක්තියෙන් ස්වයංපෝෂිත වූ ශ‍්‍රී ලංකාවක් ඇතිකරලීමේ අරමුණෙන් එදා 84%කට සීමා වී තිබූ සමස්ත විදුලි සැපයුම, 2012 වන විට 100%ක් බවට පත්කිරීමේ යෝධ සැලැස්මක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ උපදේශකත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ පරමාණුක ශක්ති අධිකාරිය එක් ව මේ වන විට ක‍්‍රියාත්මක කරමින් පවතී. 2009 වසරේ දී දැවැන්ත ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ජාතික බලවේග විසින් ඉටුකළ කාර්යභාරය ආදර්ශයට ගනිමින් 2012 වන විට මුළු රට අඳුරෙන් මුදාගැනීමට ක‍්‍රියාත්මක වන්නේ බලය ලංකා වැඩපිළිවෙළයි. සියල්ලන් සඳහා ම විදුලියේ අයිතිය ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අතුරින් මෙගාවොට් 900ක ධාරිතාවකින් යුත් ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ අතර එමඟින් මෙගා වොට් 300 ධාරිතාවක් 201

විකල්ප බලශක්ති ප්‍රභවයකට ආදේශකයක් ලෙස ජෛව ඉන්ධන නිපදවීම සදහා ආහාර භෝග යොදාගැනීම

Image
1970 ගණන්වල ආරම්භ වූ හරිත විප්ලවයත් සමග කෘෂි නිෂ්පාදනය සාම්ප්‍රදයික දැනුමින් හා කාබනික පොහොර භාවිතයෙන් ඉවත්ව, නව යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයට වඩා වඩාත් නැඹුරු විය. පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය තුළින් සහල් අස්වන්නක් ලබාගනීමට මං සැලසුනද එහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර වෙළද පොළේ යෙදවුම් වල මිල ගණන් ඉහළ යාම දේශීය කෘෂි අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට ඉතා දැඩි ලෙස බලපෑමය. නිෂ්පාදනයේ ආරම්භක පියවරේ සිට අවසන් නිෂ්පාදනය පාරිභෝගිකයා අතට පත්වන තෙක් වන සකලවිද ක්‍රියාදාමයම විවිධාකාරයෙන් ජාත්‍යන්තර වෙළදපොළ හා බැදී පවතින නිසා මේ ගැටළුවෙන් ගැලවීගත නොහැකිය. එමනිසා ලෝක ඛනිජ තෙල් වෙළද පොළෙහි නිරතුරුවම සිදු වන මිල ඉහළ යෑම් කෘෂි අංශයේ නිෂ්පාදනය කෙරෙහි ඉතාමත් අහිතකර ලෙස බලපායි. 2008 මැයි මාසය වන විට ලෝක වෙළද පොළෙහි ඛනිජ තෙල් බැරලයක මිල US $ 129 ක් වූ අතර ඛනිජ තෙල් මිල ඉහළ යෑම සෘජුවම ප්‍රවාහන පිරිවැයට බලපෑ අතර එය නිෂ්පාදනයේ විවිධ පියවර වල පිරිවැය ඉහළ යෑමෙන් ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු විය. තවද ඛනිජ තෙල් මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් එ

ශ්‍රී ලංකාව තුළ විකල්ප බලශක්ති ප්‍රභව හඳුනා ගැනීම

Image
බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද ඉල්ලුමක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්නට හැක.ඉහළ යන ලෝක  ඉන්ධන  අර්බුධයත් සමඟ  විකල්ප බලශක්ති  භාවිතය කෙරේ ඉහළ අවධානයක් යොමු වී තිබෙන අතර සූර්ය විදුලි බලය ඒ අතර ඉහළ අවධානයකට ලක් වී තිබේ.සූර්ය විදුලි බලය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනවයි. ලෝක ඉන්ධන අර්බුධය අද ලෝකය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත් වී තිබේ.ලොව බහුලව භාවිතා කරන බලශක්ති ප්‍රභවය ලෙස  පොසිල ඉන්ධන  හැඳින්විය හැක.කාර්මික විප්ලවයෙන් පසුව සහ ලෝක ජනගහණ වර්ධනය හේතුවෙන් බලශක්ති භාවිතයේ සීඝ්‍ර ඉහළ යාමක් හඳුනා ගත හැක.පොසිල ඉන්ධන භාවිතයත් සමඟ ක්ෂය වන අතර නැවත නිෂ්පාදනය වසර දහස් ගණනක් තිස්සේ මන්දගාමී ස්වරූපයකින් සිදුවන ක්‍රියාවලියකි.මේ තත්වය තුළ ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම බරපතල ගැටලුවක් බවට පත් වී තිබේ.අද දවසේ බලශක්ති භාවිතය එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වී තිබීම තුළ සූර්ය විදුලි බලය,

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

Image
බලශක්ති මිනිසාගේ මූලික අවශ්‍යතාවක් ලෙස නොසැලකුවද එය අද වන විට මිනිස් ශිෂ්ඨාචරයේ ඉදිරි පැවැත්ම  උදෙසා වැදගත් සාධකයක් බවට පත්ව ඇත. ආහාර පිසීමේ කාර්යය සඳහාද ඈත අතීතයේ සිට විවිධ බලශක්ති ප්‍රභව භාවිත වූ අතර අද වන විට එය විවිධ ක්ෂ්‍රේත්‍ර  ඔස්සේ වැඩි දියුණු වී ඇත. ජීව ස්කන්ධ   ( දර ) යොදා ගනිමින් ආහාර පිසීමට මිනිසා එදා සිට අද දක්වාම පුරුදුව පවතී. බොහොමයක් දියුණු රටවල අද වන විට විදුලිය , ගෑස් , සූර්යය ශක්තිය වැනි  විකල්ප ප්‍රභව ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලැබුවද බොහොමයක් රට වල තවමත් ජීව ස්කන්ධ ( දර ) භාවිතා වේ.ජීව ස්කන්ධ දර , කෘෂි හා සත්ව අපද්‍රව්‍ය , ගොම වලින් සමන්විතය. මෙසේ ජීව ස්කන්ධ  යොදා ආහාර පිසීම සඳහා මෑතක් වන තුරුම ගල් තුනේ ලිප භාවිතා විය.ගල් තුනේ ලිප මගින් ජීව ස්කන්ධ  දහනයෙන් ලැබෙන තාපය වැඩි කොටසක් අපතේ යෑම සිදුවේ. මෙසේ පාරම්පරික ගල් තුනේ ලිප් හා ජීව ස්කන්ධ යොදා ගනිමින් ආහාර පිසීමේදී වැඩි වශයෙන් බලශක්තිය අපතේ යෑමක් සිදුවන අතර ජීව ස්කන්ධ  දහනය නිසා පරිසරයට කාබන්ඩයොක්සයිඩ් වායුව පිට වන අතර එය ගෝලීය උණුසුම් වීමේ ක්‍රියාවලියට දායක වන අතර දේශගුණික විපර්යාසයන්ටද හේතුවක් වේ. අධික ලෙස දු