සූර්ය විකල්ප බලශක්ති ප්‍රභවය

සෙසු විකල්ප බල ශක්ති ප්‍රභව අතරින් වඩාත් ප්‍රචලිතව ඇත්තේ සුර්ය විදුලි බලයයි.එහෙත් මුලිකව දරන්නට වන වියදම වැඩිවීම නිසා බොහෝදෙනා එයට යොමුවීමට මැලි වෙති.එහෙත් දැන් ඔබට කිව යුත්තේ සුර්ය විදුලි බල සැපයුමක් ස්ථාපිත කර ගැනීමට විශාල මුදලක් වැය නොවන බවය.එය ඔබට දරන්නට හැකි මට්ටමකි.නිවසක ඝාවිතය සඳහා සුර්ය පැනලය සහිතව රුපියල් පහළොස් දහසකට පමණ  සවිකර ගත හැකිය.හෙටදින අඩවිය මෙම වියදම තවත් අඩුකරමින් නව ක්‍රමයකට සුර්ය බල ශක්තිය ලබා දීමට දැන් පරීක්ෂණ කරමින් සිටී.නුදුරු දිනයකදීම එහි ප්‍රතිඵල ඔබට ඉදිරිපත් කරමි.
සුර්ය බල කට්ටලයක් මගින් නිවසකට විදුලි බලය ලබා ගතහොත් දැනට මසකට වැයවන විදුලි ප්‍රමාණයෙන් හතරෙන් තුනකට වඩා අඩුකර ගත හැක.එනම් විදුලිබල ඉතිරිය 75% ට වඩා වැඩිය.ඒ කියන්නේ දැන් ඔබට මසකට විදුලි බිල රුපියල් 100 ක් එන්නේ නම් ඔබට සුර්ය ශක්තිය ඒකාබද්ධ කලවිට ලැබෙන්නේ රුපියල් 25 කටත් අඩු විදුලි බිලකි.


  • සුර්ය ශක්තිය මගින් විදුලිය ජනනයේදී ලැබෙන වාසි.
1.විදුලිය නොමිලේ ලැබේ.
2.සුර්ය පැනලයක් වසර 20 කට වඩා භාවිතා කල හැක.
3.විදුලිය ඇනහිටීමක් නැත.
4.පරිසර දුෂණයක් නැත.
5.විදුලිසැර වැදීම වැනි අනතුරුදායක නැත.
6.නඩත්තුව පහසුය.
7.වසර පුරාම ආලෝකය ලැබෙන බැවින් ආලෝකය පිළිබඳව ගැටලුවක් නැත.
8.අතිමහත් දනස් කන්දයක් රටට ඉතිරි කරයි.
තමන් විසින්ම අඩු වියදමකින් සුර්ය වාහිනී පද්ධතියක් තම නිවසේ සවිකරගන්න අයුරු මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
  • සුර්ය පැනලයක් වැඩකරන හැටි.
    පහත රූපය බලන්න.
  එහි සුර්ය වාහිනියේ තට්ටු තුනක් දක්නට ලැබෙයි.එහි හිරු එලිය වැටෙන පැත්තේ ඇත්තේ n වර්ගයේ සිලිකන් අර්ධ සන්නායකයකි.මෙම සිලිකන් වල විශේෂත්වය වන්නේ ආලෝකය වැටුන විට එහි පරමාණු වටා ඇති ඉලෙක්ට්‍රෝන සකොබනය වී නිදසස් වීමයි.එනම් මෙහි n නමැති සිලිකන් තට්ටුවට ආලෝකය වැටුන විට එහි ඉලෙක්ට්‍රෝන මුක්තවේ.එවිට එම කොටසේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩිවන බැවින් එය භාහිර පරිපථය හරහා p වර්ගයේ යටින් ඇති සිලිකන් තට්ටුවට ගැලීමට පෙළබේ.එසේ වන්නේ p වර්ගයේ සිලිකන් තට්ටුවේ ඉලෙක්ට්‍රෝන කුහර ඇති වන නිසාය.මෙය ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියා හදුන් වනු ලැබේ.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය