විකල්ප බලශක්ති ප්‍රභවයකට ආදේශකයක් ලෙස ජෛව ඉන්ධන නිපදවීම සදහා ආහාර භෝග යොදාගැනීම

1970 ගණන්වල ආරම්භ වූ හරිත විප්ලවයත් සමග කෘෂි නිෂ්පාදනය සාම්ප්‍රදයික දැනුමින් හා කාබනික පොහොර භාවිතයෙන් ඉවත්ව, නව යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයට වඩා වඩාත් නැඹුරු විය. පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය තුළින් සහල් අස්වන්නක් ලබාගනීමට මං සැලසුනද එහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර වෙළද පොළේ යෙදවුම් වල මිල ගණන් ඉහළ යාම දේශීය කෘෂි අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට ඉතා දැඩි ලෙස බලපෑමය.

නිෂ්පාදනයේ ආරම්භක පියවරේ සිට අවසන් නිෂ්පාදනය පාරිභෝගිකයා අතට පත්වන තෙක් වන සකලවිද ක්‍රියාදාමයම විවිධාකාරයෙන් ජාත්‍යන්තර වෙළදපොළ හා බැදී පවතින නිසා මේ ගැටළුවෙන් ගැලවීගත නොහැකිය. එමනිසා ලෝක ඛනිජ තෙල් වෙළද පොළෙහි නිරතුරුවම සිදු වන මිල ඉහළ යෑම් කෘෂි අංශයේ නිෂ්පාදනය කෙරෙහි ඉතාමත් අහිතකර ලෙස බලපායි.

2008 මැයි මාසය වන විට ලෝක වෙළද පොළෙහි ඛනිජ තෙල් බැරලයක මිල US $ 129 ක් වූ අතර ඛනිජ තෙල් මිල ඉහළ යෑම සෘජුවම ප්‍රවාහන පිරිවැයට බලපෑ අතර එය නිෂ්පාදනයේ විවිධ පියවර වල පිරිවැය ඉහළ යෑමෙන් ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු විය. තවද ඛනිජ තෙල් මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් එහි ප්‍රතිඵලයක් ලෙස ලොව, විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමු විය. ඒ අනුව බඩඉරිඟු හා උක් වැනි ආහාර භෝග මගින් එතනෝල් නිෂ්පාදනය කිරීමත් සෝයා බෝන්චි හා ෆාම් ඔයිල් මගින් ජෛව ඩීසල් නිපදවීමත්ලොව ප්‍රචලිත විය. බඩඉරිඟු මගින් එතනෝල් නිෂ්පාදනය කිරීමෙහිලා ප්‍රමුඛස්ථානය ගනු ලබන්නේ එක්සත් ජනපදයයි.

ලෝක බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් 40% ක්ම නිෂ්පාදනය කරනු ලබන්නේද ලෝක බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් 70% ක්ම අපනයනය කරන්නේද එක්සත් ජනපදයයි. ජෛව ඉන්ධන නිෂ්පාදනය සදහා බඩ ඉරිඟු යොදා ගැනීමෙන් බඩ ඉරිඟු අපනයනය පහළ වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වසරෙහි ලෝක ධාන්‍ය සංචිතය දින 57ක පාරිභොජනයට සෑහෙන පමණ පහළ වැටිණි. (වසර 37කට පසු වාර්තා වූ ඉතාම පහල අගයයි).

ලොව පොසිල ඉන්ධන භාවිතයට විකල්පයක් ලෙස ජෛව ඉන්ධන භාවිතයට ප්‍රවේශවීමේ දී එය පරිසර හිතකාමි වුවද, එය පොසිල ඉන්ධන භාවිතයටත් වඩාඅහිතකර ප්‍රතිඵල අද ලොව හමුවේ ඉස්මතු කර ඇත.
ජෛව ඉන්ධන නිශ්පාදනය සදහා යොදාගන්නා භෝග වගා කිරීම බොහෝ රටවල ග්‍රාමීය අංශයේ නව රැකියා අවස්ථා ජනිත කිරීමට හා ආදායම් මට්ටම ඉහළ නැංවීමට හේතු වී ඇත. තවද නිෂ්පාදනය සදහා වගා බිම් ලෙස වනාන්තර යොදා ගනීමෙන් සිදුවන වන විනාශය, තෙත් බිම් හා තණ බිම් විනාශය හේතුවෙන් ලොවට විශාල කාබන් ප්‍රමාණයක් මුදා හැරේ. ඉන්දුනීසියාව හා බ්‍රසීලය මේ සදහා ප්‍රධාන පෙළෙහි රටක් බවට පත් වී ඇත. තවද බ්‍රසීලය සෝයා බෝංචි මගින් ජෛව ඩීසල් නිෂ්පාදනයද සිදු කරයි. මේ හේතු කොට ගෙන ඇමසන් වනාන්තරය එළිකිරීම සීඝ්‍රයෙන් සිදු කෙරේ. මේ අනූව වර්තමානයේ ජෛව ඉන්ධන භාවිතය ලෝක තෙල් අර්බුදයකට පිළියමක් වනවාට වඩා, වෙනත් අර්බුද රාශියක් ඉස්මතු කර ඇත. ( උදා: ආහාර අර්බුදය, මන්දපෝෂනය, කෝලාහල, දිළිඳුකම). එය මිලියන 800ක් වන වාහන හිමියන් හා 850ක් වන සාගින්නෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන ලොව දුගී ජනතාව අතර ගැටුමක් බවට පත් කර ඇත.( Sports Utility Vehicle එකක ඉන්ධන ටැංකියක් පිරවීමට අවශ්‍ය එතනෝල් නිෂ්පාදනය සදහා අවශ්‍ය ප්‍රමාණය එක් පුද්ගලයෙකුගේ වාර්ෂික ධාන්‍ය පරිභොජන අවශ්‍යතාවයට සමානය.

ලොව පොසිල ඉන්ධන භාවිතයට විකල්පයක් ලෙස ජෛව ඉන්ධන භාවිතයට ප්‍රවේශවීමේ දී එය පරිසර හිතකාමි වුවද, එය පොසිල ඉන්ධන භාවිතයටත් වඩාඅහිතකර ප්‍රතිඵ‍‍ල අද ලොව හමුවේ ඉස්මතු කර ඇත.‍
ආහාර මිල ගණන්වල ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපෑ රටවල් වූයේ ඉරිඟු පදනම් කරගත් ආහාර ප්‍රධාන වන රටවල්ය. මෙවැනි රටවල් 20 කටත් අධික සංඛ්‍යාවක් ඇත. ආහාරොද්ධමනය හේතු කොට ගෙන එම රට වැසියන් මිල පාලනය ඇති කරන ලෙස රජයට බල කරමින් උද්ඝොෂණ වල නිරත වූ අතර, මෙසේ එක් එක් රටවල ජනතාව විදින පීඩනය දේශපාලන අස්ථාවරත්වයට බලපෑ අතර, සමාජ පීඩනය නොයෙකුත් අයුරින් අඬාලවීමට ද බලපා ඇත. තවද ධාන්‍ය ආනයනය කරන ඉන්දුනීසියාව, ඊජිප්තුව, මෙක්සිකෝව වැනි රටවල ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර කොල්ලකෑම් ඇති වීමට බලපා ඇත.වැඩිවන ජීවන වියදමට සරිලන ආකාරයට ආදායම් ඉපයීමට රැකියාවලට යෑමට සිදුවීමෙන් ඇතැම් රටවල පාසැල් ළමුන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වී ඇත.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය