විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය

අපේ මව්බිම ආසියාවේ අසිරිමත් වූ ඉසුරුමත් දේශය බවට පත්කිරීමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පස් වැදෑරුම් ජාතික වැඩපිළිවෙළේ අංගයක් ලෙස බලශක්තියට වැදගත් ස්ථානයක් හිමි වී තිබේ.

බලශක්තියෙන් ස්වයංපෝෂිත වූ ශ‍්‍රී ලංකාවක් ඇතිකරලීමේ අරමුණෙන් එදා 84%කට සීමා වී තිබූ සමස්ත විදුලි සැපයුම, 2012 වන විට 100%ක් බවට පත්කිරීමේ යෝධ සැලැස්මක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ උපදේශකත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ පරමාණුක ශක්ති අධිකාරිය එක් ව මේ වන විට ක‍්‍රියාත්මක කරමින් පවතී.


2009 වසරේ දී දැවැන්ත ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ජාතික බලවේග විසින් ඉටුකළ කාර්යභාරය ආදර්ශයට ගනිමින් 2012 වන විට මුළු රට අඳුරෙන් මුදාගැනීමට ක‍්‍රියාත්මක වන්නේ බලය ලංකා වැඩපිළිවෙළයි. සියල්ලන් සඳහා ම විදුලියේ අයිතිය ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති අතුරින් මෙගාවොට් 900ක ධාරිතාවකින් යුත් ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ අතර එමඟින් මෙගා වොට් 300 ධාරිතාවක් 2011 මාර්තු මස 22 වන දින අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට හැකිවීම සුවිශේෂී සිදුවීමකි.


වසර 10ක ඉතිහාසය තුළ නිරිත දිග මෝසම් වර්ෂාව මඟින් අවම ජල ප‍්‍රමාණයක් ලැබීමෙන් ජලාශවල ජල ධාරිතාව ඉතා ම පහළ මට්ටමක පැවති වර්ෂය ලෙස 2011 නම් කළ හැකිය. මේ වසරේ ජූනි මස මැද භාගයේ සිට අද දක්වා ජලාශ වල පැවති ජල ධාරිතාව, පසුගිය 2000 වසරේ සිට මේ දක්වා වාර්තා වු අවම ජල මට්ටම බව ලංකා විදුලිබල මණ්ඩලයේ දත්ත සාක්ෂි දරන නමුත් විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ස්ථානෝචිත ප‍්‍රඥාව හා ලංවිම නිලධාරීන්ගේ දැඩි කැපවීම හේතුවෙන් මුළු රට අඳුරේ නොතබන්නට හැකිවීම ඓතිහාසික වශයෙන් බලශක්ති ක්ෂේත‍්‍රය ලද විජයග‍්‍රහණයකි. රට තුළ පවතින වගා කටයුතුවලට හානියක් නොවන අයුරින් යල කන්නයේ දී අවශ්‍ය ජලය මුදාහරිමින්, උතුරු මැද පළාත්වල ජනතාවට අවශ්‍ය පානීය ජලය නිසි අයුරින් ලබාදෙමින්, සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරින් ක‍්‍රියාකිරීමට හැකිවීම සුවිශේෂී අත්දැකීමකි.


2006 වසරේදී ආරම්භ කරන ලදුව, මේ වසර අග වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 150ක ධාරිතාවක් එක්කිරීමට නියමිත ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් කටයුතු මේ වන විට 92%කින් අවසන් වී ඇත.


2011 වසරේ විදුලි ගාස්තු ක‍්‍රමයට අනුව සමස්ත නිවාස සංඛ්‍යාවෙන් 90%ක විදුලි බිලේ කිසිදු වෙනසක් සිදු නොවිණි. කුඩා ව්‍යාපාර, කුඩා කර්මාන්ත හා කුඩා හෝටල්වල ද කිසිදු විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවී නැත.


රජයේ ලාභ නොලබන ආයතනවල, ආගමික ස්ථානවල සහ මධ්‍ය පරිමාණ හෝටල්වල විදුලි බිල පහත දමා ඇත. සෙසු විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිවී ඇත්තේ 8% කිනි. 


‘විදුලමු ලංකා’ වැඩසටහන යටතේ ශ‍්‍රී ලංකාවේ සියලු ගම්මානවලට ජාතික විදුලිබල පද්ධතිය මඟින් විදුලිය ලබාදීම වෙනුවෙන් පළාත් මූලික කරගනිමින් ආලෝකයේ සංචාරයන් සිදුකිරීම, ‘2012 සැමට සැමවිට විදුලිය’ යන පැතුම යථාර්ථයක් බවට පත්කිරීමට සවියක් විය. ඊට සමගාමී ව රු. මිලියන 735.5 ක වියදමින් ග‍්‍රාමීය විදුලි ව්‍යාපෘති 131ක් උතුරු මැද පළාත වෙනුවෙන් ජාතික විදුලිබල පද්ධතියට එක් වූ අතර මෙමඟින් අනුරාධපුර හා පොලොන්නරු දිස්ත‍්‍රික්කවල 8011ක පවුල් සංඛ්‍යාවක් විදුලියෙන් ස්වයංපෝෂිත විය.


කුරුණෑගල දිස්ත‍්‍රික්කය හා පුත්තලම දිස්ත‍්‍රික්කය වෙනුවෙන් රු. මිලියන 1593.9ක වියදමින් ග‍්‍රාමීය විදුලි ව්‍යාපෘති 147ක් ජාතික විදුලිබල පද්ධතියට එක්වීමෙන් වයඹ පළාතේ පවුල් 25,902කට ආලෝකය ලැබිණි.


ග‍්‍රාමීය විදුලි ව්‍යාපෘති 46ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කළේ මාතලේ දිස්ත‍්‍රික්කය හා මහනුවර දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනි. ඒ වෙනුවෙන් රු. මිලියන 415ක ආයෝජනයක් සිදුකළ අතර එමඟින් ප‍්‍රතිලාභ ලැබූ මධ්‍යම පළාතේ පවුල් සංඛ්‍යාව 9414 කි. 


ප‍්‍රදේශවාසීන් 5662ක් වෙනුවෙන් රු. මිලියන 1013ක් ආයෝජනය කරමින් ග‍්‍රාමීය විදුලි ව්‍යාපෘති 69ක් ජනතා අයිතියට පත්කළේ ඌව පළාත ආලෝකමත් කිරීමේ වැඩපිළිවෙළ යටතේය. බදුල්ල, මොණරාගල සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයන් මේ යටතේ ආවරණය විය.


විදුලමු ලංකා සංකල්පයට අනුව යමින් නැගෙනහිර පළාතේ විදුලියන ප‍්‍රතිශතය වැඩිකිරීම උදෙසා ඇ.ඩො. මිලියන 80ක ආයෝජනයක් සහිත නව විදුලි ව්‍යාපෘති 374ක් සහ විදුලි දිගු 1865ක් ඇරඹීමට සැලසුම් සකස්කර ඇත.


සමස්තයක් ලෙස ගත්කළ මේ වන විට දිවයිනේ 91%ක් විදුලියෙන් ආවරණය වී ඇත. පසුගිය අගෝස්තු 31 වන දින වන විට 156,000කට නව විදුලි සබඳතාවයන් ලබාදී ඇති අතර විදුලමු ලංකා යටතේ 2012 වසර අවසන් වීමට ප‍්‍රථම තවත් ලක්ෂ 03කට විදුලිය ලබාදීමට සැලසුම් ක‍්‍රියාත්මක වෙමින් පවතී. එමෙන්ම මේ වසර අවසානයට පෙර තවත් පවුල් 94,000කට විදුලියේ අයිතිය ලැබෙනු ඇත. ප‍්‍රධාන විදුලි ජාලයට සම්බන්ධ විය නොහැකි පවුල් සඳහා විකල්ප බලශක්ති ක‍්‍රමවේදයක් මඟින් 2012 වසර අවසානයට පෙර විදුලි හිමිකම ලබාදීම වෙනුවෙන් ග‍්‍රාමශක්ති වැඩසටහන යටතේ විශේෂ සූර්ය බල කට්ටලයක් ලබාදීමට කටයුතු ක‍්‍රියාත්මකයි.


ප‍්‍රාදේශීය, දිස්ත‍්‍රික් හා පළාත් මට්ටමින් සිදුකරන ලද සමීක්ෂණවලට අනුව ප‍්‍රධාන විදුලි ජාලයෙන් විදුලිය ලබාගත නොහැකි, දැනට භූමිතෙල් ආලෝකය පමණක් හිමි නිවාස සංඛ්‍යාව එක් එක් පළාත අනුව මෙසේය.

මධ්‍යම පළාත 2924         දකුණු පළාත 760

වයඹ පළාත 12,971         සබරගමු පළාත 7678

උතුරුමැද පළාත 185         ඌව පළාත 5259

උතුරු පළාත 3133         බස්නාහිර පළාත 17

නැගෙනහිර පළාත 4887


ග‍්‍රාම ශක්ති වැඩසටහනට සමගාමී ව විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ඇරඹි විදුලි අත්වැල වැඩසටහන ද මේ වන විට සාර්ථක මට්ටමින් ක‍්‍රියාත්මක වේ. දැනට විදුලිය නොමැති සමෘද්ධි හා අඩු ආදායම්ලාභි පවුල්වලට නව විදුලි සබඳතාවන් ලබාගැනීම සඳහා රු. 30,000ක උපරිමයකට යටත් ව, මාසික වාරික 60කින් නැවත ගෙවීමේ පහසුව සහිත ණය මුදලක් ලබාදීම විදුලි අත්වැල මඟින් සිදුවේ.


විෂයබාර අමාත්‍යතුමාගේ දූරදර්ශී නායකත්වය යටතේ සිය සේවා ජාලයන් ව්‍යාප්ත කරමින් විදුලි
පාරිභෝගිකයන් හට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීමට කටයුතු කරනු ලබන ලංකා විදුලිබල මණ්ඩලයට, පසුගිය වසර කාටවත් ණය නැති වසරක් බවට පත්කිරීමට හැකිවිය. 


ලාංකේය ජල විදුලියේ පියා වන ඩී.ජේ. විමලසුරේන්ද්‍ර අනුස්මරණ වැඩසටහනක් පසුගිය වසරේ දී ප‍්‍රථම වරට ලංවිම මඟින් සංවිධාන කෙරුණු අතර මෙහි දී විමලසුරේන්ද්‍ර මැතිතුමාගේ පිළිරුව නිරාවරණය, එතුමාට උපහාර පිණිස නිර්මාණය කළ සැමරුම් ග‍්‍රන්ථය එළිදැක්වීම සිදුකෙරිණි. මීට සමගාමී වwww.power.lk නම් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයීය නව වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්වීමද සිදුවිය. නව්‍යකරණයන්ගෙන් සහ බලශක්ති ක්ෂේත‍්‍රයේ නැවුම් තොරතුරුත් සමඟින් අද වන විට එයwww.powermin.gov.lk ලෙස ක‍්‍රියාත්මක වේ.


සමස්ත ලංවිම සේවක සේවිකාවන් එක්රැස් කරගනිමින්, මනා පුහුණුවක් තුළින් ඔවුන් සතු ක‍්‍රිඩා කුසලතාවන් සංවර්ධනය කිරීම හා ඔවුන් තුළ සහයෝගීතාව වර්ධනය කිරීම පරමාර්ථ කරගනිමින් ප‍්‍රථම වරට ක‍්‍රීඩා උළෙලක් සංවිධාන කළේ මෙම වසරේ අපේ‍්‍රල් මාසයේ දී ය. රැකියාව අතරතුර සේවක සේවිකාවන්ගේ කායික මෙන් ම මානසික වර්ධනය ද අත්‍යවශ්‍ය අංගයක් සේ සලකා ගායනය, වාදනය, නර්තනය, නාට්‍ය, කථන සහ ලේඛන කලාව යන අංශයන්ගෙන් තම හැකියාවන් එළිදැක්වීමට ඉඩක් ලැබුණේ ප‍්‍රථම වරට සංවිධාන කරන ලද විදුලමු ලංකා කලා මංගල්‍යයේදීය.


පොසොන් උදාවට සමගාමී ව මිහින්තලා පුදබිම ඒකාලෝක කිරීමේ පුණ්‍ය කර්මයට සම්බන්ධ වීමේ හැකියාව මේ වසරේ දී ද අමාත්‍යාංශය හා බැඳි ලංවිම විසින් සිදුකෙරිණි. එය ඉදිරියටත් අඛණ්ඩ ව සිදුකිරීමට නියමිතය.


විදුලි පාරිභෝගික සේවා ජාලය තව තවත් පුළුල් කරමින් දිවයින පුරා සුපිරි සේවා මධ්‍යස්ථාන (E-city කාර්යාල) විවෘතකිරීම පසුගිය වසරේ දී ආරම්භ කෙරුණු අතර එමඟින් සියලු ගෙවීම් කටයුතු, විදුලිය සිඳලීම් සහ නැවත ඇමිණීම් පිළිබඳ විස්තර, නව විදුලි සබඳතා හා ඇස්තමේන්තු ලබාගැනීම්, විදුලිය බිඳවැටීම් සම්බන්ධ පැමිණිලි හා පසු විමසුම් මෙන් ම නිවෙස්වල හා ගොඩනැගිලිවල විදුලි තතැදුම් සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ද එක ම ස්ථානයක දී ලබාගැනීමට හැකිවීම සමස්ත විදුලි පාරිභෝගික ප‍්‍රජාව ලද භාග්‍යයකි.



දිවයින පුරා පැනනගින  ඕනෑ ම විදුලි ගැටලුවක් සම්බන්ධයෙන් තොරතුරු සැපයීම වෙනුවෙන් සැණෙකින් ක‍්‍රියාත්මක වීමේ ක්ෂණික දූරකතන සේවාවක් හඳුන්වාදීම සිදු වූ අතර විදුලිබල අමාත්‍යාංශය වෙනුවෙන් 1901ද, ලංවිම වෙනුවෙන් 1987ද, LECO ආයතනය වෙනුවෙන් 1910 ද වෙන් වී ඇත.


එමෙන් ම පරිසර හිතකාමී නව්‍ය සේවාවක් සැපයීමෙන් පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීම සඳහා දැඩි කැපවීමෙන් තරගකාරී බලශක්ති වෙළඳපොළක් නිර්මාණය කිරීමට සැදී පැහැදී සිටින ලංකා විදුලි පෞද්ගලික සමාගම, විදුලි මනු නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරීම ආරම්භ කර ඇති අතර එමඟින් හිඟයකින් තොරව සාධාරණ මිලකට විදුලි මනු ලබාගැනීමේ හැකියාව ලංවිමට ලැබී ඇත.


විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට සම්බන්ධ ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ දේශීය ඉංජිනේරු ඥානය උපයෝගී කරගනිමින්, මෙගා වොට් 100 බැඟින් වු දැවි තෙල් බලාගාර 02ක් බංග්ලාදේශයේ ඩකා නුවර ආසන්නයේ ඉදිකර, එමඟින් උත්පාදිත විදුලි බලය බංග්ලාදේශ ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට හැකිවීම ශ‍්‍රී ලංකාවට විදේශීය වශයෙන් බලශක්ති ක්ෂේත‍්‍රයේ දොරගුළු විවරවීමට මඟපෑදුණු කඩඉමකි.


පරමාණුක ශක්ති අධිකාරිය මඟින් ජාතික නිර්විනාශක පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුම සඳහා මුල්ගල තැබීම පසුගියදා සිදු වූ අතර මෙම නිර්විනාශක පර්යේෂණ ක‍්‍රම විවිධ ක්ෂේත‍්‍රයන් සඳහා යොදාගත හැකි අතර මෙයින් සිදුවන පැහැදිලි ම ප‍්‍රයෝජනය වන්නේ පරීක්ෂණ ද්‍රව්‍යයන්ට කිසිදු ආකාරයක හානිකිරීමකින් තොර ව ඉතා සියුම් පළුදු පවා ඉක්මනින් හඳුනාගැනීමට හැකිවීමයි. මෙම පරීක්ෂාව මඟින් නිෂ්පාදනවල ප‍්‍රමිතිය හා විශ්වාසනීය බව ඉහළ නැංවීමට හැකි බවත්, ගොඩනැගිලිවල සිදුවන හදිසි කඩාවැටීම්, මහා පරිමාණ විනාශයන් පිළිබඳ ව පෙර හඳුනාගැනීමක් සිදුකළ හැකි බැවින් එමඟින් අනතුරු වළක්වාගත හැකි බවත් පරමාණුක ශක්ති අධිකාරිය පෙන්වාදෙයි.


මෙම නිර්විනාශක ක‍්‍රමවේදය භාවිතයෙන් සිදුකරන ලද පරීක්ෂණයකින්, වසර 20ක් අබිරහසක් ව පැවති සමනල වැව ජල කාන්දුව නිවැරදි ව සොයාගැනීමට හැකිවිය. සමනල වැව යෝජනා ක‍්‍රමය තුළ මතු  තිබූ මෙම අර්බුදය සමථයකට පත්කිරීම සඳහා වර්තමානය වන විට රු. බිලියන 75ක් වැනි මුදලක් වැයවී ඇති අතර පරමාණුක ශක්ති අධිකාරිය සහ ලංවිම සහයෝගයෙන්, දේශීය විද්‍යාත්මක දැනුම භාවිතයෙන්, ඉතා සුළු මුදලක් වැයකර, එම අභියෝගය ජයගෙන ඇත. එසේ ම මෙම පරීක්ෂණ ක‍්‍රමවේදය උපයෝගී කරගනිමින් ඉඟිනිමිටිය ජලාශයේ වේල්ලේ කාන්දුවටත් පිළියම් යෙදීමට හැකිවිය.


සැමට සැමවිට විදුලිය ලබාදීමට බලශක්තිය සුරක්ෂිත කළ යුතු අතර ඒ වෙනුවෙන් විදුලිබලය පරිහරණය කිරීමේදී දැනුවත් විය යුතුය. බලශක්ති සංරක්ෂණ ක‍්‍රමෝපායන් පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීම අරමුණු කොටගෙන සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් ඉලක්ක කරගනිමින් මාසික විදුලි බිලෙන් 15%ක ප‍්‍රමාණයකින් ඉතිරිකරගැනීමේ වැඩමුළු අඛණ්ඩ ව ක‍්‍රියාත්මක කරයි.


කර්මාන්ත හා ගෘහාශ‍්‍රිත ව භාවිතකරන සාමාන්‍ය සූත‍්‍රිකා පහන් වෙනුවට 80%ක විදුලි ඉතිරියක් ඇති CFL විදුලි පහන් භාවිතය පිළිබඳ විවිධ වැඩසටහන්වල දී විදුලි පාරිභෝගිකයින් දැනුවත් කළ අතර ඒ සඳහා දිරිගැන්වීමේ වැඩසටහනක් ලෙස දිවයිනේ සියලු පූජනීය ස්ථානයන් වෙත සුසංහිත ප‍්‍රතිදීප්ත විදුලි බුබුළු (සීඑෆ්එල් බල්බ) ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී ආරම්භ කෙරුණි.


මෙරටට ආනයනය කරනු ලබන විදුලි බුබුළු පිළිබඳ රේගු දත්ත වාර්තාවලට අනුව පසුගිය වසර 05 ඇතුළත සීඑෆ්එල් බල්බ ආනයනය සසඳා බැලීමේ දී 2010 වසරේ දී සැලකිය යුතු වැඩිවීමක් දක්නට ඇත. වැඩි කාර්යක්ෂම විදුලි බල්බ ප‍්‍රමාණයක් භාවිතය හේතුවෙන් 2010 වසරේදී ජාතික විදුලිබල පද්ධතියට වාර්ෂික විදුලි ඒකක ගිගාවොට් පැය 294ක් ඉතිරිවී ඇති බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පෙන්වාදෙයි.


රාජ්‍ය මෙන් ම පෞද්ගලික ආයතනයන්හි බලශක්ති කාර්යක්ෂමතාවය වෙනුවෙන් භෞතික සහ මානව සම්පත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමද සිදුකෙරුණු අතර එය බලශක්ති කාර්යක්ෂමතා කේන්ද්‍රස්ථානය නමින් හඳුන්වයි. මෙම ප‍්‍රථම මධ්‍යස්ථානය අනුරාධපුර දිස්ත‍්‍රික්කයට හිමිවිය.


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ක‍්‍රියාත්මක වූ ජාතික බලශක්ති සතිය 2010 වසරේ දී ආරම්භ කෙරිණි. මීට සමගාමී ව සතියක් පුරා විදුල්කා බලශක්ති ප‍්‍රදර්ශනයක් ද සංවිධාන කර තිබූ අතර විදුලි සංරක්ෂණය හා විදුලි කළමනාකරණය වෙනුවෙන් දායක වූ රාජ්‍ය හා පෞද්ගලික අංශය මුල්කරගනිමින් කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ අංශයන් යටතේ බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප‍්‍රදානයක් ද සිදුකෙරුණි. බලශක්ති ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලු ම ආයතන එක ම තැනකට එක් වී ක‍්‍රියාත්මක වූ මෙම වැඩසටහන බලශක්ති ඉතිහාසයේ නොමැකෙන මතකයක් සනිටුහන් කර ඇත.


රටේ සියලු ම විදුලි පාරිභෝගිකයින් හට තම නිවෙස්වලට පතිත වන හිරු එළිය සහ ගෙවත්තේ ඇති සියලු පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවවලින් විදුලිය නිපදවා ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට ඉඩකඩ ලබාදීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති අතර එය නෙට් මීටරින් නමින් හැඳින්වේ.


දෛනික ව වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලන්නට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය ඉමහත්ය. ජපාන සහ කොරියානු රජයේ ආධාර මත හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බරුතකන්ද ප‍්‍රදේශයේ ස්ථාපිත සූර්ය බල උද්‍යානය අදියර 2කින් සමන්විත වේ. කොරියානු රජයේ ආධාර යටතේ කිලෝ වොට් 500ක ධාරිතාවකින් යුතු ව ඉදි වූ මෙම විදුලි බලාගාරය මඟින් වාර්ෂික ව ගිගාවොට් පැය 0.7ක දායකත්වයක් ජාතික විදුලිබල පද්ධතියට ලබාදෙන අතර එය මේ වසරේ අගෝස්තු මස 08 වන දින ජනතා අයිතියට පත්කෙරිණි.


ජපන් රජයේ මුල්‍ය ප‍්‍රතිපාදන මත කිලෝ වොට් 737ක ධාරිතාවයකින් යුත් සූර්ය බල උද්‍යානයේ පළමු අදියර මඟින් වාර්ෂික ව ගිගාවොට් පැය 01ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත අතර මේ වසර අවසන් වීමට ප‍්‍රථම එහි වැඩකටයුතු ද නිමකිරීමට නියමිතය.

මෙලෙස රටේ ඉදිරි ගමන් මඟේ පෙර ගමන්කරුවකු ලෙස සක‍්‍රීය දායකත්වයක් ලබාදෙන බලශක්ති ක්ෂේත‍්‍රය, 2012 වසර අවසන් වන විට සියලු අභියෝග ජයගනු නියතය.

Comments

  1. අහස ලෝක ණය ස්ථිරව, අපි 3% 0f ක පොලී අනුපාතිකයක් යටතේ ණය මුදල් දෙන්න.
     

    සුබ දවසක්, සර් / ma am.

    අපි පුද්ගලික සමාගමක් වන අතර අපි ණය මුදල කොපමණද තීරණය අඩු පොලී අනුපාත යටතේ ණය ලබා ව්යාපාර සංවර්ධනය සඳහා $ 1,000 ඩොලර් ණය මිලියන 100 ක් අතර ණය ප්රතිපාදන ය: අද්දර / ව්යාපාර පුළුල් තරගකාරිත්වය.

    අපි ණය මඟින්ම ලබා දෙන විවිධ

    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාර ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ඒකාබද්ධ ණය
      
    බදුවලින් ඇති කිසිම ගාස්තුවක් අය නොකෙරේ.

    අපි මෙම දැන්වීම බෙදා ගන්න කියවීමට කාලය ගැනීම සඳහා ඔබට ස්තුතියි.
    වැඩි විස්තර සහ පරීක්ෂණ සඳහා අද අපට ඊ-තැපැල් යැවීමට
    skyworldloanfirm@gmail.com
    skyworldloanfirms@yahoo.com


    සාරා විලියම්ස්.

    ReplyDelete
  2. බලශක්ති අමාත්‍යාංශයට සම්බන්ධව සේවය කිරීමට ඔබගේ කැමැත්තක් තිබේ නම් ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට අප සූදානම්ය.

    ඔබගේ අදහස් අපි නිරතුරු අගය කරමු.

    ReplyDelete
  3. සුබ දවසක්,

    ඔබ මූල්ය දුෂ්කරතා ගැන කිසිම ආකාරයක ද? ඔබ ඔබේ ණය ඉවත් කිරීමට ණය මුදලක් ඔබට අවශ්ය ද? ඔබ ඔබේ මුදල් වැඩි කිරීමට යන්නේ? ඔබ ඔහුගේ / ඇයගේ සමාගම පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින ව්යාපාරික පුද්ගලයා වේ. මෙයින් ඔබේ ණය සඳහා සැබෑ වීරයා, විශ්වාසය හා කාර්යක්ෂම ණය ණය සමාගමක් සම්බන්ධ කර ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මම අපේ ඉමහත් ප්රසාදයට සඳහා පුද්ගලයින් සහ ආණ්ඩුව යන දෙපාර්ශ්වය විසින් පිළිගත් සිටිමි.


    සේවාවන් ඇතුළත්:
    * පුද්ගලික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * ව්යාපාරික ණය (ආරක්ෂිත හා අනාරක්ෂිත)
    * මුල් පිටුව වැඩිදියුණු
    * නව නිපැයුම්කරු ණය
    * වාහන ණය
    ආදිය ..

    easyloanfirm2020@gmail.com හරහා උනන්දුවක් නම්, නැවත අප වෙත ලබා දෙන්න,

    අපි සහතික,
    විශ්වාසනීය, විශ්වාසනීය, කාර්යක්ෂම, වේගවත් සහ ගතික.

    සම්බන්ධයෙන්,
    ඩෙරෙක් ඩග්ලස්
    easyloanfirm2020@gmail.com

    3% ලබාගත හැකි සහ සහතික ණය ඉදිරිපත්

    ReplyDelete

Post a Comment

මේ ලිපි කියවා ඔබගේ විචාර පූර්වක අදහස් විනීත බසකින් මෙහි සටහන් කිරීමට සහෘද ඔබ සැමට ලෙන්ගතු හදවතින් කාරුණිකව ඇරයුම් කරමු.

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම