විකල්ප බලශක්ති ප්රභව
ලංකාවේ ප්රධානතම විදුලිබල ප්රභවය වන ජල විදුලි බලයට අමතරව අනෙක් පිළිගත් සහ ප්රධානම ප්රභවය වන්නේ ඩීසල් විදුලිබලාගාර වලින් නිපදවන විදුලියයි. රජය පෞද්ගලික බලාගාර වලින් පාඩු පිට මිලදී ගන්නා මෙම විදුලි ඒකක අළෙවි වන්නේ පාරිභෝගිකයාටද දැරිය නොහැකි මිලකටයි . මේ නිසාම රජය වඩා මිල අඩු ගල් අඟුරු තාප බලාගාර ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. දැන් දැන් හරිත බලශක්ති (Green Energy Sources ) ප්රභව වන සූර්ය ශක්තිය සහ සුලං බලය කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතත්, ඒවායේ අකාර්යක්ෂම බව සහ ඒකාකාරී නොවන සැපයුම නිසා ඒවා කෙරෙහි සම්පූර්ණ බලාපොරොත්තු තබා ගත නොහැක. එසේම තවමත් මූලික වියදම අධික ශක්ති ප්රභව දෙකක් නිසා මේ කෙරෙහි ඇති අවධානය අඩු බවක් දක්නට ලැබේ. එසේම ඩීසල් සහ ගල් අඟුරු විදුලි බලාගාර වලින් පිටවන කාබන්ඩයොක්සයිඩ් නිසා මේ ක්රම දෙකම අනාගත ලෝකයේ පැවැත්ම කෙරෙහි දැඩි තර්ජනයක් එල්ල කරන ක්රම දෙකක් බවට පත් වී ඇත. දැනටමත් ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් ප්රමාණය 390 ppm (කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 390 ක්) වනවා. ෆොසිල ඉන්ධන පාවිච්චිය මේ අයුරින්ම සිදු වුව හොත් 2050 වන විට මේ අගය 5...
I most like this blog. because I can learn about energy saving
ReplyDelete