ගල්අඟුරු බලාගාරවල පාරිසරික අර්බුදය

ලෝකයම අද බලශක්‌ති අර්බුදය පිළිබඳ පුළුල් සංවාදයක නිරතවෙමින් සිටී. වැඩිවන ජනගහනයට සාපේක්‍ෂ ස්‌වාභාවික බලශක්‌ති ප්‍රභවයන්a සීමාසහිත වන බැවින් ලෝකයේ බොහෝ රටවල් විකල්ප බලශක්‌ති ප්‍රභවයන්a වෙත අවධානය යොමු කර තිබේ. මෙම විකල්ප බලශක්‌ති ප්‍රභවයන්ගෙන් පුනර්ජනනීය බලශක්‌තිය වෙත බොහෝ රටවල් අවධානය යොමු කර ඇති අතර ඇතැම් රටවල් විකල්ප බලශක්‌තිය ලෙස තෝරාගෙන ඇත්තේ ගල්අඟුරු සහ න්‍යෂ්ඨික බලයය. මේ ප්‍රභවයන් මගින් සිදුවන පාරිසරික දූෂණය පිළිබඳව පරිසර විද්‍යාඥයන් විවිධ මත පළ කර ඇති අතර ඔවුන්ගේ නිගමනයන් බොහෝමයක්‌ සත්‍ය වී තිබීම නිසා අද ලෝකය පුරාම පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් පිළිබඳ පුළුල් සංවාදයක්‌ ගොඩනැඟෙමින් තිබේ.

නමුත් මෙහිදී පවතින ප්‍රධාන ගැටලුව වන්නේ පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් මගින් බලශක්‌ති උත්පාදනයට වැය වන මූලික ප්‍රාග්ධනය ඉහළ අගයක්‌ ගැනීමය. එය සංවර්ධනය වෙමින් පවතින රටවලට දරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් ඉතා කෙටිකාලීන විසඳුම් ලෙස ගල්අඟුරු බලාගාර වෙත යොමුවෙමින් තිබේ.

පසුගියදා ප්‍රංශයේදී අවසන් වූ .ඤච 21. පරිසර සමුළුවේදී ගල්අඟුරු බලාගාර පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර එහිදි පරිසර විද්‍යාඥයන් පවසා සිටියේ සංවර්ධිත රටවල් වහාම ගල්අඟුරු බලාගාරවලින් ඉවත්වී පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් වෙත යොමු වීම කඩිනම් කළ යුතු බවය. මෙහිදී සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට පුනර්ජනනීය බලශක්‌තිය වෙත මාරුවීමට වසර 2080 දක්‌වා කාලය ඇති අතර ඒ අතර කාලය තුළ ගල්අඟුරු බලාගාර ඉදිකිරීම වෙනුවෙන් ඔවුන්ට ගෝලීය වශයෙන් ලැබෙන මූල්‍යාධාර ලැබෙනු ඇත. නමුත් අර්බුදය වන්නේ ගල්අඟුරු බලාගාරවලින් සිදුවන උග්‍ර පරිසර දූෂණයයි. 

මෙම උග්‍ර පාරිසරික ගැටලුවලට මුහුණදීමට ශ්‍රී ලංකා වැනි රටවලට හැකියාවක්‌ තිබේද? පසුගිය මාසයේදී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුවූ බිඳ වැටීමක්‌ හේතුවෙන් රට පුරාම විදුලි බලය විසන්ධි විය. ඒ වගේම නොරොච්චොලේ ගල්අඟුරු බලාගාරය දෙවතාවක්‌ දින 4 බැගින් අක්‍රීය වී තිබිණි. මේ හේතුව නිසා ආණ්‌aඩුවටද විවේචන එල්ලවූ අතර එහිදී පැහැදිලිව පෙනී ගිය කරුණක්‌ වූයේ රටේ ජනතාව බලශක්‌ති පිළිබඳ අර්බුදයේදී ඉතා කෙටි විසඳුම් අපේක්‍ෂා කරන බවය. පුනර්ජනනීය බලශක්‌තිය මූලයන් සඳහා වැය වන මූලික ප්‍රාග්ධන උපයා ගැනීමේ අර්බුදයත්, වැඩිවන ජනගහනයට සාපේක්‍ෂව බලශක්‌ති ඉල්ලුම ඉහළ යැමත් නිසා රජයට ඇති එකම විකල්පය ගල්අඟුරු බලාගාර ඉදිකිරීමය. නමුත් මෙම ගල්අඟුරු බලාගාර මගින් සිදුවන පාරිසරික හානිය සුළුවෙන් තැකිය නොහැක.

ශ්‍රී ලංකාවේ ගල් අඟුරු විදුලි බලාගාර සහ අම්ල වැසි අවදානම

වර්ෂාව යනු පෘථිවියේ ශාක හා සත්ත්ව පැවැත්මට අත්‍යවශ්‍ය පාරිසරික ක්‍රියාවලියකි. වායුගෝලයේ පවතින කාබන් ඩයොක්‌සයිඩ් අංශු වතුරේ දියවීම නිසා වර්ෂා ජලයේ කිසියම් ආම්ලිකතාවක්‌ දක්‌නට ලැබීම සාමාන්‍ය දෙයකි. නමුත් වර්ෂා ජලයේ මෙම ආම්ලිකතාව මිනිසාට, වෙනත් ජීවීන්ට හා පරිසර පද්ධතිවලට හානිකර තරමටම ආම්ලික වීම, එනම් ඡ්‍ය අගය 5.2 ට අඩු වර්ෂා ජලය පොළොවට පතිත වීම අම්ල වැස්‌සක්‌ යනුවෙන් හඳුන්වයි. අම්ල වැසි ඇතිවීමට මූලික හේතුව වන්නේ වායු දූෂණය නිසා වායුගෝලයට එකතුවන සල්µර් ඩයොක්‌සයිඩ් හා නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් ඉහළ වායු ගෝලයේදී ජල අංශු සමඟ ක්‍රියාකාරී වීම නිසා සෑදෙන සල්µsයුරික්‌ අම්ලය හා නයිටි්‍රක්‌ අම්ලයයි. මේවා වැසි ජලය, හිම හෝ පිනි වල දියවී අම්ල වැසි ඇති කරයි.

ගිනි කඳු පිපිරීම් වැනි ස්‌වාභාවික ක්‍රියාකාරකම් මෙන්ම පොසිල ඉන්ධන දහනය (ගල් අඟුරු, ඛනිජ තෙල්), කර්මාන්ත ශාලා හා මෝටර් රථ වලින් දහනය වන ඉන්ධන හේතුවෙන්ද අම්ල වැසි නිර්මාණය වේ. ගොඩබිම් හා ජලජ පරිසර පද්ධතිවල ජෛව සංරචක විනාශ වීම, වෘක්‌ෂලතා වනාන්තර විනාශ වීම, හුණුගල් වැනි පාෂාණ දියවී යැම, ලෝහමය ඉදිකිරීම්, ප්‍රතිමා, නටබුන් වැනි දෑ විනාශ වී යැම, පසේ ආම්ලිකතාව ඉහළ යැමෙන් ශාකවල ඛනිජ අවශෝෂණය කෙරෙහි බලපෑම් ඇතිවීම ආදිය අම්ල වැසිවල Rජු බලපෑම් වේ.

අපගේ ජීවන රටාව හා බලශක්‌ති පරිභෝජනය අතර පවතින්නේ සමීප සම්බන්ධතාවකි. ශ්‍රී ලංකාව තුළ පවතින විදුලි ඉල්ලුමෙන් විශාල ප්‍රමාණයක්‌ සපුරනු ලබන්නේ ජලවිදුලි උත්පාදනය කරන බලාගාර මගිනි. එහෙත් ඊට අමතරව ගල් අඟුරු වැනි පොසිල දහනය මගින් ජනනය කරන තාප විදුලි බලයද රට තුළ පවත්නා විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා වර්තමානයේදී දායක කරගෙන තිබේ. මේ යටතේ දැනට රට තුළ පවතින ගල් අඟුරු විදුලි බලාගාරය වන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මගින් උත්පාදනය කරන විදුලිය රටේ ජනතාවගේ ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා උපයෝගී කරගෙන ඇත. මීට අමතරව ත්‍රිකුණාමලයේ සාම්පූර් ගල් අඟුරු බලාගාරයද රටේ අනාගත විදුලි පරිභෝජනය සඳහා දායක කරග තහැකි ආකාරය පිළිබදව සැලසුම් සකස්‌වෙමින් පවතියි.

මෙම ගල් අඟුරු විදුලි බලාගාර වලින් දහනය වන ගල් අඟුරු නිසා පරිසරයට එකතුවන සල්ෆර් ඩයොක්‌සයිඩ් වායුවෙන් කොටසක්‌ ධූලි වශයෙන් පොළොවට පතිත වන අතර ඉතිරිය ජල වාෂ්ප සමඟ මිශ්‍ර වී අම්ල වැසි ඇතිකරයි. ජර්මනිය, පෝලන්තය, බටහිර යුරෝපය හා කැනඩාව යන රටවල වනාන්තර අම්ල වැසි නිසා විනාශයට පත්වෙමින් පවතියි. ජර්මනියේ කඵ වනාන්තරය (Black Forest) අම්ල වැසි ඇද හැලීම නිසා එසේ විනාශයට ලක්‌ වූ වනාන්තරයකි. උක්‌ත රටවල් හැරුණු කොටගෙන අප්‍රිකානු මහාද්වීපයේ ද, දකුණු ආසියාවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාවද අම්ල වැසි පතිතවීමේ අවදානමක්‌ පවතින රටවල් ලෙස හඳුනාගෙන ඇත.

යෝජිත සාම්පූර් ගල් අඟුරු බලාගාරය ලංකාවේ බලශක්‌ති උත්පාදනයට කොතරම් හොඳින් දායක කර ගැනීමට සැළසුම් කළත්, එමගින් රටට සිදුවන අයහපත් ප්‍රතිඵල පිළිබද පරිසර සංවිධාන අනතුරු අඟවා ඇත. පරිසරවේදීන්ට අනුව ගල් අඟුරු දහනය මගින් සල්ෆර් ඩයොක්‌සයිඩ් ටොන් 10000 ක්‌ පමණද, නයිට්‍රජන් ඔක්‌සයිඩ් ටොන් 10200 ක්‌ පමණද, කාබන් ඩයොක්‌සයිඩ් මිලියන 3.7 ක්‌ පමණද වායුගෝලයට මුදා හරියි. ශ්‍රී ලංකාවට බලපාන ඊසානදිග මෝසම මගින් මෙම වායු ජල අංශු සමඟ ක්‍රියාකාරී වී පොලොන්නරුව, අනුරාධපුරය, සීගිරිය, දඹුල්ල වැනි ප්‍රදේශ වලට විමෝචනය වී බැර ලෝහ හා අළු ලෙස තැන්පත් වීමෙන් පුරාවිද්‍යාත්මක නටබුන් සඳහා දැඩි බලපෑමක්‌ එල්ල විය හැක. අවුකන බුදු පිළිමය, ශ්‍රී මහා බෝධිය හා නාමල් උයන වැනි ඓතිහාසික වැදගත්කමක්‌ උසුලන සිද්ධස්‌ථාන පවා මේ මගින් විනාශ විය හැකි බව ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත. තවද, මෙම ආම්ලික වැසි ජලය ජල මූලාශ්‍ර හා මුසු වීම මගින් රජරට ප්‍රදේශයේ ජනතාවගේ නිධන්ගත වකුගඩු රෝග තවදුරටත් වර්ධනය වීම හා කෘෂිකාර්මික කටයුතු අඩාල වීමද මෙකී ගල් අඟුරු බලාගාරයෙන් දහනය වන දූෂිත වායූන් හේතුවෙන් නිර්මාණය වන අම්ල වැසි නිසා සිදුවිය හැකි අතුරු ප්‍රතිඵල ලෙස හඳුනාගත හැක.

අම්ල වැසි නිර්මාණය කිරීම හැරුණුකොටගෙන මෙම ගල් අඟුරු බලාගාරයේ කටයුතු වෙනත් පාරිසරික ගැටලු නිර්මාණය කිරීම සඳහා ද සෘජුවම බලපායි. ත්‍රිකුණාමලය වටා පවතින මුහුදු ප්‍රදේශ තුළ ජීවත් වන සාමුද්‍රික ජීවීන්ගේ පැවැත්මටද මෙමගින් හානි සිදුවිය හැක. කිසිදා මිනිස්‌ පහසින් කිළිටි නොවූ නොඉඳුල් ජෛව පද්ධතිවලින් මෙම කලාපය ගහණය. බලාගාරයට අවශ්‍ය සිසිල් ජලය මෙම ප්‍රදේශයෙන් ලබාගෙන භාවිත කරන ලද උණු ජලය නැවත සාගරයට පොම්ප කිරීම නිසා සාමුද්‍රික පරිසර පද්ධති විනාශ මුඛයට පත් විය හැක. කොරල් පර වලටද දැඩි බලපෑම් එල්ල විය හැකි නිසා ත්‍රිකුණාමලයේ සංචාරක කර්මාන්තයද මේ නිසා අඩාල විය හැක. 

එබැවින් ශ්‍රී ලංකාව පොසිල ඉන්ධන දහනයෙන් තොර සංවර්ධන මාවතක්‌ කරා ගමන් කරවීමේ අවශ්‍යතාව මෙම නව ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම නිසා සිදුවිය හැකි හානිය විමසා බැලීමේදී නැවත නැවතත් රටේ ජනතාවට පසක්‌ විය යුතුය. 2016 දී චීනයේ බෙයිජින් නුවර සියලු ගල් අඟුරු බලාගාර වසාදැමීමට තීරණය කර ඇත්තේ ඒවා මගින් සිදුවිය හැකි හා සිදු වූ විනාශකාරී තත්ත්වයන් සැලකිල්ලට ගෙනය. ඇ.එ.ජ. මේ වනවිට මෙගා වොට්‌ 4677 ක ගල් අඟුරු බලාගාරයක්‌ වසා දමා තිබේ. බ්‍රිතාන්‍යය ද 2020 වන විට රට තුළ ඇති සියලුම ගල් අඟුරු විදුලි බලාගාර වසා දැමීමට තීරණය කර අවසන් ය.

එබැවින් තාක්‌ෂණය අතින් දියුණු ලොව බලවත් රටවල් පවා ප්‍රතික්‌ෂේප කරන, තාක්‌ෂණය හා අත්වැල් බැඳගත් දූෂිත වායු පිටකරන නව ගල් අඟුරු බලාගාර කරා යැම රටකට ගැටලුකාරී තත්ත්වයන් රාශියක්‌ නිර්මාණය කිරීමට හේතු විය හැක.

Comments

Popular posts from this blog

ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය

බලශක්ති අර්බුදය හැඳින්වීම

විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කිරීම හා බලශක්ති පුනරුදය