ආහාර පිසීමේදී බලශක්ති සංරක්ෂණය
බලශක්ති මිනිසාගේ මූලික අවශ්‍යතාවක් ලෙස නොසැලකුවද එය අද වන විට මිනිස් ශිෂ්ඨාචරයේ ඉදිරි පැවැත්ම උදෙසා වැදගත් සාධකයක් බවට පත්ව ඇත. ආහාර පිසීමේ කාර්යය සඳහාද ඈත අතීතයේ සිට විවිධ බලශක්ති ප්‍රභව භාවිත වූ අතර අද වන විට එය විවිධ ක්ෂ්‍රේත්‍ර ඔස්සේ වැඩි දියුණු වී ඇත. ජීව ස්කන්ධ ( දර ) යොදා ගනිමින් ආහාර පිසීමට මිනිසා එදා සිට අද දක්වාම පුරුදුව පවතී. බොහොමයක් දියුණු රටවල අද වන විට විදුලිය , ගෑස් , සූර්යය ශක්තිය වැනි විකල්ප ප්‍රභව ආහාර පිසීම සඳහා භාවිතා කරනු ලැබුවද බොහොමයක් රට වල තවමත් ජීව ස්කන්ධ ( දර ) භාවිතා වේ.ජීව ස්කන්ධ දර , කෘෂි හා සත්ව අපද්‍රව්‍ය , ගොම වලින් සමන්විතය. මෙසේ ජීව ස්කන්ධ යොදා ආහාර පිසීම සඳහා මෑතක් වන තුරුම ගල් තුනේ ලිප භාවිතා විය.ගල් තුනේ ලිප මගින් ජීව ස්කන්ධ දහනයෙන් ලැබෙන තාපය වැඩි කොටසක් අපතේ යෑම සිදුවේ. මෙසේ පාරම්පරික ගල් තුනේ ලිප් හා ජීව ස්කන්ධ යොදා ගනිමින් ආහාර පිසීමේදී වැඩි වශයෙන් බලශක්තිය අපතේ යෑමක් සිදුවන අතර ජීව ස්කන්ධ දහනය නිසා පරිසරයට කාබන්ඩයොක්සයිඩ් වායුව පිට වන අතර එය ගෝලීය උණුසුම් වීමේ ක්‍රියාවලියට දායක වන අතර දේශගුණික විප...
Comments
Post a Comment
මේ ලිපි කියවා ඔබගේ විචාර පූර්වක අදහස් විනීත බසකින් මෙහි සටහන් කිරීමට සහෘද ඔබ සැමට ලෙන්ගතු හදවතින් කාරුණිකව ඇරයුම් කරමු.